Category Archives: News

News post

වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම මුල් කරගෙන ජාතික නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා යෝජනා.

ආණ්ඩුව විසින් කොන්දේසි විරහිතව සැළකිල්ලට ගත යුතු උපාය මාර්ගික වශයෙන් වැදගත්වන මුලික ප්‍රතිපත්තිමය කරුණු

(1) දේශිය නිෂ්පාදන ආර්ථිකය ශත්තිමත් කිරිම සදහා ආනයන අධෛර්යමත් කළ යුතු බව සහ ආනයන සදහා දේශිය විකල්ප නිෂ්පාදන දිරිමත් කළ යුතු බව, එනම් ආරක්ෂණවාදය, ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම සහ ඊට අදාල බදු ප්‍රතිපත්ති පිළිබදව විනිවිදතාවයෙන් යුතුව කටයුතු කිරිම.

(2) එම ප්‍රතිපත්තියට අදාලව රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට ආර්ථික ඉඩ ප්‍රස්ථා සලසන සහ රටේ ආහාර සුරක්ෂිතාවය මත සහ වෙළදපල තුල විශාල බලපෑමක් ඇතිකරන ආහාර වෙළදපලවල් හදුනාගෙන ඊට අදාල ආනයනික නිෂ්පාදන මගින් වෙළදපල තුල මිළ විකෘතීන් ඇති කිරිම වැලැක්වීම යනු දේශිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වන පූර්ව කොන්දේසියක් ලෙස පිළිගැනීම. (විදේශීය සහ දේශීය බදු සහන මගින් ආනයනික නිෂ්පාදන වල මිල කෘතීමව පහත දැමීම වැලක්විය යුතු බව පිළි ගැනීම.)

(3) එසේ තොරාගත් වැඩි බලපැමක් සහිත වෙළදපොල තුල (උදාහරනයක් ලෙස තිරිඟු පිටි සහ සහල් අතර තරඟකාරි වෙළදපල, ආහාරයට ගන්නා තෙල් වර්ග වෙළදපල සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළදපල) පවතින මිළ විකෘතීන් නිවැරදි කිරිම සදහා බදු පැනවිමේදී කෙටි කාලිනව ආනයනික ද්‍රව්‍යය වල මිළ ඉහල යෑම මගින් ඇතිවිය හැකි මහජන විරෝධය සමනය කිරිම සදහා විනිවිදභාවයෙන් යුතුව අදාල බදු ප්‍රතිපත්තිය, විශේයෙන්ම දේශිය නිෂ්පාදන වියදම මත මිළ සුත්‍රය සකස් කරන ආකාරය සහ දේශිය නිෂ්පාදනවල මිලට වඩා අවම වශයෙන් 5 –- 10 % අතර ප්‍රතිශතයකින් ආනයනික ද්‍රව්‍යය වල මිල ඉහළ මට්ටමක තැබීම සදහා බදු පැනවීම සිදු කරන ආකාරය පිළිබද තොරතුරු මහජනයාට ලබා දීම සහ ඒ පිළිබදව මහජන සංවාදයක් ඇති කොට එම උපාය මාර්ගික ප්‍රවේශයට මහජන සහය ලබාගත යුතු බව පිලිගැනිම.

(4) එසේ වෙළදපල මිල විකෘතීන් නිවැරදි කිරීම සදහා බදු පැනවීමේදී (ඉතා වැදගත් වෙළදපල කිහිපයකට අදාලව පමණක්) මහජන විරෝධය සමනය කිරීම සදහා එම බදු අරමුදල් විශේෂ අරමුදලකට බැර කොට, එම අරමුදල් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සදහා සහ අඩු ආදායම් ලාභීන්ට සහනාධාර ලබා දීම සඳහා පමණක් යොදවන බව සහතික කිරීම මෙන්ම ඒ මගින් දේශීය නිෂ්පාදන වැඩි කොට නැවත මිල අඩු කිරීමේ හැකියාව තිබෙන බව සහතික කිරීම.

(5) රටේ බහුතර ජනතාවකට ආර්ථික ඉඩ ප්‍රස්ථා සැළසෙන හා රට සතු සම්පත් වලින් උපරිම ඵල නෙලා ගැනීම මුල් කරගෙන සුවිශේෂී මහා පරිමාණ කර්මාන්ත ප්‍රමාණයක් ආරම්භ කිරීම සහ ඒ සදහා දේශීය ආයෝජකයින්ට ආරාධනා කිරීම. (එහිදී මව්බිම ලංකා පදනමට මූලික වටයේදී ක්ෂේත්‍ර 7 ක කර්මාන්ත සදහා ආයෝජකයින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත).

(6) තොරාගත් සුවිශේෂී කර්මාන්තවලට අදාල දේශීය ආයෝජකයින්ට ප්‍රාග්ධන සහය ලබාදිම සදහා රාජ්‍ය බැංකු යොදාගනිමින් ණය ලබා දීමට අමතරව ප්‍රාග්ධන කොටස් ප්‍රමාණයක් මිළදී ගැනීම. (රජයට අයත්ලෙස සැලකෙන එම කොටස් ප්‍රමාණය ක්‍රමයෙන් අයෝජකයින්ට ආපසු විකිනිය හැක) ඒ සඳහා සිංගප්පූරුවේ ”තමාසෙක්” අරමුදල මෙන් ජාතික අරමුදලක් ගොඩ නැගීම වඩා සුදුසු වේ.

(7) විදේශ විනිමය පණත සංශෝධනය කිරීම මගින් අපනයන ආදායම් රට තුලට ගෙන ඒම සහතික කිරීම සහ කළු වෙළඳපල පාලනය කිරීම.

(8) රාජ්‍ය ණය කළමණාකරණය, විශේෂයෙන්ම විඝණන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂිත නීතිමය රාමුවක් හඳුන්වා දීම.

(9) විදේශ රැකියා නියුත්තිකයින් මගින් බැංකු පද්ධතිය හරහා විදේශ විනිමය ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා විශේෂිත විස්තීරණ දිරිගැන්වීමේ පැකේජයක් හදුන්වාදීම.

(10) විදේශ රැකියා ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ වෘතීය නිපුනතාවය සහිත රැකියා වෙළදපොල සදහා පුහුණු ශ්‍රමිකයන් සැපයීම මුල් කරගෙන දැනට රජය සතු වෘතීය පුහුණු පාසල් වලට අමතරව පාසල් පද්ධතිය සහ ආරක්ෂක හමුදා සතු සම්පත් යොදාගනිමින් සමස්ත රටම පුහුණු කදවුරක් බවට පත් කිරීම.

(11) දේශීය වෛද්‍ය සේවා සැපයීම මුලික කරගනිමින් සහ කුඩා සහ මධ්‍යම පරිමාණ සේවා සැපයුම් කරුවන් ඉලක්ක කරමින් සංචාරක කර්මාන්ත නැවත ස්ථානගත කිරීම සහ ඊට අදාල නව නියාමන ක්‍රියාවලියක් හදුන්වාදීම.

(12) බොරතෙල් සැපයීම සහ ඊට අදාලව අඩුම මිලට සැපයීම මුල්කරගෙන විදේශ ආයෝජන සදහා ආරාධනා කිරීම මගින් නව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සහ රටේ සමස්ත ඛනිජ තෙල් අවශ්‍යතාවය එමගින් සපුරා ගැනීම.


ආණ්ඩුව විසින් ගත යුතු නිෂ්චිත ක්‍රියා මාර්ග (ඉහත සඳහන් ප්‍රතිපත්ති රාමුවට අනුව.)

(1) සහල් සහ තිරිගු පිටි අතර තරගකාරී වෙළදපල, ආහාරයට ගන්නා තෙල් වෙළදපල සහ කිරි ආහාර වෙළදපල යන වෙළදපල 03 තුල පමණක් පවතින මිල විශමතා නිවැරදි කිරීම සදහා විශේෂ පාරිභෝගික බදු පැනවීම. එසේ බදු ගණනය කිරීමේදී දේශීය විකල්ප නිෂ්පාදන වල මිලට වඩා ආනයනික ද්‍රව්‍යයන් වල මිල 10% කින් ඉහල මට්ටමක පවතින ලෙස බදු ප්‍රමාණයන් නිර්ණය කල යුතුය. (එම ක්‍රියාවලිය විනිවිධ භාවයෙන් යුතුව සිදු කල යුතු අතර සියළු තොරතුරු මහජනයාට ලබා දී මහජන සංවාදයක් ඇතිකොට මහජන සහය ලබා ගත යුතුය. එසේම එම බදු අරමුදල් විශේෂ අරමුදලකට බැර කොට ඒවා අදාල ක්ෂේත්‍ර වල නිෂ්පාදනය ඉහල දැමීම සහ අඩු ආදායම් ලාභීන්ට සහනාධාර ලබා දීම සදහා පමණක් භාවිතා කරන බවට සහතිකයක් ලබා දීම.

(2) අත්‍යාවශ්‍ය ආහාර සදහා පමණක් බල පැවැත්වෙන පරිදි සුපිරි වෙළද සැල් වලින් ලබා ගන්නා ඉහල කොමිස් මුදල් අඩු කිරීම සදහා පාරිභෝගික අධිකාරී පනත් යටතේ සීමාවක් පැණවීම. (එමගින් නිෂ්පාදකයා රෑක ගන්නා අතර පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කිරිම)

(3) දේශීය නිෂ්පාදන දේශීය ආහාර මහ ජනයා අතර ප්‍රචලිත කිරීම සදහා රජය විසින් පුද්ගලික අංශයේ සහය ඇතිව රජයේ මාධ්‍ය භාවිතා කරමින් අධ්‍යාපන සහ ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීම.

(4) රජය රටේ විශාලතම මිල දී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිල දී ගැනීම සදහා දැනට ලබා දී ඇති ප්‍රමුඛතාවය අනිවාර්ය කිරීම.

(5) ස.තො.ස. සහ සමූපකාර ජාලය මගින් අත්‍යාවශ්‍ය ආහාර සෘජුව ආනයනය කිරීම සහ දේශීය නිෂ්පාදන මිල දී ගැනීම මගින් ආරක්ෂණ තොග පවත්වාගෙන යෑම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දීම මෙන්ම එය එම ආයතනයේ මූලික වගකීම බවට පත් කිරීම.

(6) එළවළු වෙළදපල තුල පවතින අකාර්යක්ෂමතාවයන් අඩු කිරීම සදහා රජයේ මැදිහත් වීමෙන් මිළ දී ගැනීමේ සහ විකිණීමේ සමුපකාර ජාළයක් පිහිටුවීම සහ එම ක්‍රියාවලිය තුල වර්තමාන මිලදී ගැනීමේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල ගොවි සංවිධාන වල පාලනයට යටත් කර ඒවා විකිණීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කල යුතුය.

(7) ආහාර වර්ග වලට මිල අඩු විකල්ප ද්‍රව්‍යය මිශ්‍ර කිරිම මගින් එවායේ තත්වය බාල කිරිම සහ එමගින් මිළ අඩු කිරිම හරහා වෙළදපල තුල මිළ විකෘතීන් ඇති කිරිම වැලැක්විම මගින් දේශිය නිෂ්පාදන පද්ධතිය සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිම. ඒ අනුව පලමු වටයේදි පොල් තෙල් වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කොට ආනයනය කිරිම හෝ විකිණිම මෙන්ම කිරිපිටි වලින් කිරි මේදය ඉවත්කොට ඒ වෙනුවට ෆාම් තෙල් යෙදු කිරිපිටි ආනයනය සහ විකිනිම නැවැත්විය යුතුය.

(8) ආරක්ෂක හමුදා වල, විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක හමුදාව සතු පිරිස් බලය සහ සම්පත් යොදා ගනිමින් ඉංජිනේරු ඒකකයක් පිහිටුවීම මගින් ග්‍රාමීය කුඩා හා මධ්‍යම පරිමාණ වැව් සහ අමුණු සියල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධති සංවර්ධනය කිරීම. ඊට අමතරව රජයට අයත් ඵලදායීතාවය අඩු ගොවිපල සහ ඉඩම් ප්‍රමාණයක් යොදා ගනිමින් හමුදාව මගින් ආදර්ශ ගොවිපොළ ජාලයක් පිහිටුවීම සහ තරුණ තරුණියන් කෘෂි කර්මාන්තයට යොමු කිරීම සදහා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

(9) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩළය සතු ගොවිපල පද්ධතීන් යොදා ගනිමින් කිරි ගව අභිජනන ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම මගින් ගොවීන්ට පැටව් ලබා දීම. (විදේශීය රටවලින් දෙනුන් ආනයනය කිරිම අභිජනන කටයුතු සදහා පමණක් සීමා කළ යුතුය.)

(10) ආරක්ෂක හමුදා සතු සම්පත් සහ තාක්ෂණික විද්‍යාල පහසුකම් සියල්ල යොදා ගනිමින් මුළු රටම තාක්ෂණික වෘත්තීය පුහුණු කදවුරක් බවට පත් කිරීම මගින් දේශිය සහ විදේශිය පුහුණු රැකියා අවස්ථා වර්ධනය කිරිම සහ නුපුහුණු කාන්තා ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යැවීම නැවැත්වීම.

(11) පොහොර සහනාධාරය අස්වැන්න මත පදනම්ව ඍජුව මුදල් සහනාධාරයක් ලෙස ගොවියාට ගෙවීම මගින් රසායනික පොහොර භාවිතය අඩු කිරීම සහ අවම පලිබෝධ නාශක ලැයිස්තුව නීතිගත කිරීම මගින් පලිබෝධ නාශක භාවිතය අවම කිරීම. පොහොර සහනාධාර මුදල් ක්‍රමයෙන් අවශ්‍යතාවය අනුව ගොවියාට ගෙවීම සදහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කිරිම සහ එම බැංකුව යොදා ගනිමින් සුළු ණය ව්‍යාපෘතියක් ආරම්භ කිරිම. (ඒමගින් ගොවියා ක්ෂුද්‍ර මූල්‍ය වහල් භාවයෙන් ගලවා ගැනීමටද ඉඩ ලැබේ)

(12) දේශීය කර්මාන්ත කරුවන් ණය අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා මහා පරිමාණ ණය කරුවන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පමණක් පොලී සහනාධාර ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කුඩා නිෂ්පාදකයා සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවේදයක් රජය මගින් ආරම්භ කිරීම මෙන්ම පෞද්ගලික ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ ව්‍යාපාර වල පොලිය සඳහා උපරිම සීමාවක් පැනවීම.

(13) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිල පැනවීම සහ එම මිල පැනවීමේදී දේශීය නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය සඳහා සාධාරණ මිලක් ලැබෙන ආකාරයට මිල සූත්‍ර අනුව එම උපරිම පාලන මිල පැනවිය යුතුය. උදාහරණයක් ලෙස සහල් සඳහා පාලන මිල පැනවීමේදී වී ගොවිතැන සහ වී ගොවියා ආරක්ෂා වන ආකාරයට වී සඳහා අවම මිල පැනවිය යුතු අතර ඊට අනුව කුඩා මෝල් හිමියාට පැවතිය හැකි වන ලෙස සහල් මිල පැනවිය යුතුය.

(14) සුනිත්‍ය බල අධිකාරී පනත සංශෝධනය කිරීම මගින් සුර්ය බල ව්‍යපෘති වලින් විදුලිය මිලදී ගැනීම සදහා රාජ්‍ය භාගය ඇතුලත් වන ආකාරයට මිල සුත්‍ර හදුන්වාදීම මෙන්ම සූර්ය බල විදුලිය පද්ධතියට සම්බන්ධ කිරීමට අදාලව ගැටළු විසදීම සදහා අරමුදලක් පිහිටුවීම සහ ආයෝජකයින්ගේ ගැටළු විසදීම සදහා අභියාචනා විභාග කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම.

(15) මව්බිම ලංකා පදනමේ මග පෙන්වීම යටතේ පහත සදහන් කර්මාන්ත සදහා ආයෝජකයින් දිරිගේන්විම මුලික කරගෙන දිරිගැන්වීම් පැකේජයක් හදුන්වා දීම.

(15.1) රට තුල භූ ගෝලීයව පැතිරී යන ලෙස කිරි සකස් කිරීමේ කර්මාන්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කුරුණෑගල, වව්නියාව සහ කන්තලේ යන ප්‍රදේශ වල කිරි කර්මාන්ත ශාලා 3 ක් ආරම්භ කිරීම.

(15.2) කන්තලේ ඇතුළු වසා දමා ඇති සහ අර්ධ කාර්‍යක්ෂමතාවයෙන් පවත්වාගෙන යන සීනි කර්මාන්ත ශාලා වලට නැවත පණ දීම සහ මුඩු බිම් පමණක් යොදා ගනිමින් නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම.

(15.3) මිනිරන් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට ”කළු රත්තරන් හෙවත් ග්‍රැෆින් ලෙස වටිනා කම් එකතු කොට අපනයනය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම. (එහිදි වටිනාකම් එකතු කිරිම දහස් ගුණයක් වන අතර එක් කර්මාන්ත ශාලාවකින් වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 5,000ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමේ හැකියාව ඇත.)(

(15.4) ඛණිජ වැළි අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට වටිනා ලෝහ නිස්සාරණය කොට අපනයනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම. (එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 2,500ක විදේශ විනිමය ඉපයීමේ හැකියාව ඇත.)

(15.5) රටට අවශ්‍ය බස් රථ සහ දුම්රිය මැදිරි සම්පූර්ණයෙන්ම දේශියව නිපදවීම සදහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිම. (රජය මගින් ඉල්ලුම් කරන ප්‍රමාණය අනුව)

(15.6) රබර් සහ පොලිතින් අපද්‍රව්‍ය වලින් දුම්රිය මාර්ග සදහා ස්ලීපර් නිපදවීම.

(15.7) එප්පාවල රොක් පොස්ෆේට් වලින් සිංගල් සුපර් පොස්ෆේට් නිපදවීම.


රාජ්‍ය ආයතනයක ප්‍රධානියාව සිටිමින් බහුජාතික සමාගමක ප්‍රචාරක දැන්වීමක් සඳහා පෙනී සිටීම සම්බන්ධවයි

ඔබ ශපනී සිටින, ශකාවිඩ් 19ට එශරහිෛ කටයුතු කළයුතු ආකාරය ද්‍ැක්ශෛන ප්‍රචාරක
ද්‍ැන්ීමක් ද්‍ැනට සති කිහිපයක සිට රූපෛාහිනිය ඔේශේ ප්‍රචාරය ෛන බෛත් එම ප්‍රචාරණ
ද්‍ැන්ීශමහි අෛසන් අදියර ශලස එම ද්‍ැන්ීමට අනුග්‍රහය ද්‍ක්ෛනුශේ ලයිෆ ශබෝයි නමැති සබන්
ෛර්ගයක් බෛට ප්‍රද්‍ර්ශනය ශකශරන බෛත් ඔබ ශහාඳින්ම ද්‍න්නෛා ඇතැයි විේෛාස කරමි.

පළමුෛ ශමම ද්‍ැන්ීම මගින් ඔබ, රාජ්‍ය යාන්රණශේ නියමුශෛකු ශහෛත් රාජ්‍ය ඖෂධ
නීතිගත සංේථාශේ සභාපතිෛරයාෛ සිටිමින් සහ රාජ්‍ය ශේෛශේ වෛද්‍යෛරශයකුෛ සිටිමින්
ද්‍, පෛතින රජ්‍ශේ පරිපාලන යාන්රණශේ ප්‍රධානිශයකුෛ සිටිමින් ද්‍, පෛතින ශකාවිඩ් ෛසංගත
තත්ෛය හමුශේ ඉතා ෛැද්‍ගත් සහ තීරණාත්මක සමාජ්‍ කාර්යයක් ඉටු කරන පුද්ගලශයකු
ෛශශයන් ද්‍ ඔබ සතු සමාජ්‍ ෛටිනාකමත් ඔබ සහ ඔශේ තනතුර ශකශරහි ඇති පිළිගැනීම හා
විේෛසනීයත්ෛයත් බහුජ්‍ාතික සමාගමක ශෛළද්‍ නාමයක් ප්‍රෛර්ධනය කිරීමට ශයද්‍ීම
සද්‍ාචාර ෛශශයන් ශනාගැලශපන ක්‍රියාෛක් බෛත් තෛද්‍ පාරිශභෝගික අධිකාරිය පණශත්
විධිවිධාන ප්‍රකාරෛ අසාධාරණ ශෛළද්‍ තරගයක් එමගින් ඇතිකරන බෛත් ඔබට ද්‍න්ෛා සිටීමට
කැමැත්ශතමි.

ශද්‍ෛනුෛ සබන් ශලස ෛයාජ්‍ෛ හඳුන්ෛාශද්‍මින් ද්‍, ශ්‍රී ලංකාශේ ප්‍රමිති නිර්ණායක ෛලට අනුෛ
සබන්ෛල තිබිය යුතු අෛම ප්‍රමිතිය ශහෝ පෛත්ෛා ශනාගනිමින් ද්‍, ෛසර ගණනාෛක් තිේශේ
සබන් ෛර්ගයක් විසින් භාවිතා කරන ලද්‍ ශෛළඳ සන්නාමයම සබන් ශනාෛන
ශේදින්බාර්(Bathing Bar) ෛර්ගශේ නිේපාද්‍නයක් සද්‍හා භාවිතා කරනු ලබන එකී බහුජ්‍ාතික
සමාගම සහ ලයිෆ ශබෝයි සන්නාමය ප්‍රචාරණයට කටයුතු කිරීම මගින් එකී සබන් ශනාෛන
ශේදින්බාර් ෛර්ගය සබන් ශලස හඟෛා සමාජ්‍ගත කිරීමට, අද්‍ාල සමාගම ගන්නා උත්සාහයට
ඔබද්‍ ද්‍ායක ී ඇති බෛ සමහරවිට ඔබ ශනාද්‍න්නෛා විය හැක.

තම නිේපාද්‍නය ෛන ලයිෆ ශබෝයි යනු තෛදුරටත් සබන් ෛර්ගයක් ශනාෛන බෛත්, එය TFM
අගය 76ට ෛඩා ඉතා අඩු (එනම් 50ක් පමණ ෛන) ශේදින්බාර් ගණයට පමණක් ෛැශටන
නිේපාද්‍නයක් බෛත් ද්‍ැනටමත් අද්‍ාල නිේපාද්‍න සමාගම ෛන යුනිලීෛර් සමාගම විසින්
අධිකරණය හමුශේ ද්‍ පිිිළිශගන ඇති බෛ ඔබට ද්‍න්ෛා සිටීමට කැමැත්ශතමි. තෛද්‍ සබන් ශලස
අඟෛා අශලවි කරනු ලබන අද්‍ාල ශේදින්බාර් ෛර්ගශේ, ශරදි, ෛාහන සහ කාපට් ආදිය ශේදීමට
ශයාද්‍ා ගන්නා SDBS(Sodium Dodecyl Benzene Sulfonate) නමැති විශ රසායනිකය අඩංගුබෛද්‍
ශම් ෛන විට තහවුරු ී ඇති කරුණකි. (ඒ බෛ ශකාළඹ ෛාණිජ්‍ මහාධිකරණය විසින් ලබාදුන්
අතුරු නිශයෝගයක් මගින් ද්‍ තහවුරු කරඇති බෛ ද්‍ැනගන්නට ලැබී ඇත.) තෛද්‍ ඒ සංශයෝගය
මගින් අක්ි ආබාධ ඇති කිරීශම් ඉඩක් පෛතින බෛට ද්‍ ශම් ෛන විට ශසායාශගන ඇත.

කරුණු ශමශේ ෛන තත්ෛයක් යටශත් ශමෛැනි ප්‍රචාරක ද්‍ැන්ීම් සඳහා ශපනී සිටීම සද්‍ාචාර
ෛශශයන් හා නීතිමය ෛශශයන් ශනාගැලශපන සහ ෛැරදි කටයුත්තක් බෛ මේබිම ලංකා
පද්‍නශම් අද්‍හසයි. එබැවින් කරුණාකර අද්‍ාල ප්‍රචාරක ද්‍ැන්ීශමන් එකී බහුජ්‍ාතික සමාගශම්
ප්‍රචාරක ශකාටස ඉෛත් කිරීමට අද්‍ාල ද්‍ැන්ීම භාරෛ සිටින අධිකාරීන්ට උපශද්‍ේ ලබාශද්‍න
ශලස ඉතා ඕනෑකමින් ශමයින් ඉල්ලා සිටිමි. මීට අද්‍ාල ෛැඩිදුර යම් විේතරයක් සහ/ශහෝ
ශල්ඛණමය ශතාරතුරු අෛශය ෛන්ශන් නම් ඔබශේ ඉල්ලීම පරිදි ඒෛා ඉදිරිපත් කිරීමට
සූද්‍ානම්ෛ සිටින බෛද්‍ ෛැඩිදුරටත් ද්‍න්ෛා සිටිමි.

දේශීය සැබෑ කිරිපිටි අඩු මිලටත් කිරි මේදය නොවන ආදේශක යෙදු ආනයනික පිටි වර්ග වැඩි මිලටත් අලෙවි කිරීමට නීති සකසා දේශීය කර්මාන්තකරුවන්වන් අඩපණ කිරීම.

ඇතැම් ආනයනික කිරිපිටි සඳහා පාම් තෙල් ඇතුළු වෙනත් කිරි නොවන මේදය (non-milk fat) අඩංගු කර ඇති බව සහ ඒවායේ කෘත්‍රීම රසායනික පවා අඩංගු විය හැකි බව වසර ගණනාවක් තිස්සේ අනාවරණය වී ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාව දේශීයව නිපදවන සැබෑ කිරිපිටි වල වටිනාකම හොඳින් වටහාගෙන ඇත.

ඉහත තත්ත්වය යටතේ දේශීයව නිපදවූ සැබෑ කිරිපිටි සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් රට තුළ ඇති වී තිබේග එසේ වුවද ජනතාවට එම උසස් තත්ත්වයේ සැබෑ කිරිපිටි අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගැනීමට වෙළඳපොලේ නොමැතග එයට හේතුව ඔබතුමා මවිතයට පත් කරනු ඇතැයි අප සිතමුග දියර කිරි සඳහා කිරි ගොවියාට ගෙවන මුදල රජය විසින් සෑම වසරකම පාහේ වැඩි කොට ඇත. එසේ වුවද පාරිභෝගික අධිකාරිය වසර ගණනාවක් තිස්සේ පාලන මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත. එය නම් වසර ගණනාවක් තිස්සේ පාරිභෝගික අධිකාරිය විසින් දේශීය සැබෑ කිරිපිටි සඳහා අඩු පාලන මිලකුත් ආනයනය කළ කිරිපිටි යැයි කියා අලෙවි කරන පිටි සඳහා වැඩි මිලකුත් වන ආකාරයට මිල පාලනයට යටත් කර තිබීමයි.

මෙම තත්ත්වය යටතේ දේශීය කිරිපිටි නිෂ්පාදකයින් තම සැබෑ කිරිපිටි නිෂ්පාදන අලෙවි කිරීම මගින් පාඩු ලබයිග එබැවින් දේශීය නිෂ්පාදකයන් කිරිපිටි නිෂ්පාදනය වැඩි නොකරන අතර රට තුළ දැනට ඇති කිරි නිෂ්පාදනය අවශ්‍ය ලෙස ඉහළ යෑමක් සිදු නොවේග මෙයට අමතරව ඉහත ලබාදී ඇති වාසිදායක මිලනිසා කිරිපිටි ආනයනිකයින් වසරකට රුපියල් බිලියන 10 ක පමණ අමතර දළ ලාභයක් ලබාගන්නා අතර එම මුදල් භාවිතා කරමින් අති විශාල ලෙස ආනයනික කිරිපිටි වර්ග සහ ඒවායින් නිපදවූ අනෙකුත් නිෂ්පාදන ප්‍රචාරණය කිරීම සිදුකරයිග සිදු කරයි. මෙම අතිරේක ලාභය නිසා සිල්ලර වෙළදුන්ටද ආනයනික කිරිපිටි විකිŒම සඳහා වැඩි ලාභ ලබා දීම නිසා ඒ අයද ආනය‚ක කිරිපිටි විකිŒමට උනන්දුවක් දක්වයි. එමගින් ද දේශීය කිරි කර්මාන්තකරුවන් සහ කිරි ගොවියන්ට බලවත් අසාධාරණයක් වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන රටවලින් එම අපනයන කරුවන් සඳහා විශාල වශයෙන් දිරිගැන්වීම් ලබාදෙන බව නොරහසකිග තත්ත්වය එසේ තිබියදී තම දේශීය කර්මාන්තකරුවන්ට හිස එසවීමට නොහැකි වන පරිදි මිල පාලනය මගින් තම රටේ දේශීය කර්මාන්තකරුවන් ආනයනික තරගකරුවන් ඉදිරියේ දණගස්වා ඇති ලොව එකම රට ශ්‍රී ලංකාව විය හැක.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන දේශීය සැබෑ කිරිපිටි සඳහා පනවා ඇති අසාධාරණ මිල පාලනය වහාම ඉවත් කිරීමට හෝ එසේ නැතිනම් පාලන මිල ආනයනික කිරිපිටි මිලටම සම කරන ලෙසට පාරිභෝගික අධිකාරිය වෙත උපදෙස් දෙන මෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මිට අමතරව වඩාත් පෝෂ්‍යදායක වනුයේ දියර කිරි වන බැවින්ල දියර කිරි ප්‍රචලිත කිරීමට රජය විශේෂ පියවර ගත යුතුව ඇතග එසේ කිරීමෙන් අඩු අදායම්ලාභී කිරි ගොවියන්ගේ අදායම ඉහළ යාම සහ කිරිපිටි ලෙස වෙනත් ආදේශක නිෂ්පාදන ආනයනය කිරීමෙන් වසරකට රටට අහිමි වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් :රුපියල් මිලියන 60,000ක්- පමණ විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.

MCC ගිවිඝුම අත්ඝන්කිරීම නොබැදි පිළිවෙතටද පටහැනිය.

ආයෝජන දිරිමත්‌ කිරීමේ ගිවිසුමක්‌ ලෙස හැදින්වෙන MCC ගිවිසුම අත්සන්‌ කිරීම මෙ වන විට
මහජන විරෝධය නිසා තාවකාලිකව අත්හිටුවා ඇති බව සත්‍යයකි. එසේම එම ගිවිසුම ඊට පෙර අත්සන්‌කළ ACSA ගිවිසුමත්‌ අත්සන්‌ කිරීමකින්‌ තොරව එකභතාවක්‌ ලබාදීමෙන්‌ පමණක්‌ වුව ක්‍රියාත්මක කලහැකි SOFA ගිවිසුමත්‌ සමහ එකට බැඳී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. ආයොජන ගිවිසුම මගින්‌ හදුන්වා දෙන ඉඩම්‌ සම්බන්ධ වගන්නිවල අරමුණ විදේශීය ආයොජකයන්ට පහසුවෙන්‌ ඉඩම්‌ මිලදී ගැනීමට ඉඩ සැලසීම බව MCC ගිවිසුමට අදාල කොන්ග්‍රස්‌ මණ්ඩල පත්‍රිකාවේ සදහන්‌ වේ. එසේම ගමනා ගමන වයෳාපෘතීන්‌ අවශ්‍ය වනුයේ ආයො ජන සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, පුද්ගලයින්‌ සහ භාණ්ඩ ප්‍රවාහනය සහ සේවා වෙළඳපල අවශ්‍යතාවයන්‌ කායර්ක්ෂම කිරීම සඳහා බව පැහැදිලිව හඳුනාගත හැක.

 

අයවැය යෝජනා 2019.

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් මහ කන්නයේ ලැබූ ඉහලම වී අස්වැන්න 2014 – 2015 මහ කන්නයේ වාර්තා වුන ටොන් ලක්ෂ 30කට ආසන්න වූ අස්වැන්න වේ. එහෙත් මෙවර වී අස්වැන්න එයට වඩා බොහෝ වැඩි යැයි අනුමාන කෙරේ. එහෙත් වී සහ සහල් සඳහා ඇති ඉල්ලූම ඉතා පහත වැටී ඇති බව පෙනී යනුයේ අස්වැන්න නෙලීම ආරම්භයේදීම වී මිල රු. 30 කට ආසන්න අගයකට වැටී ඇති බව මේ වන විට වාර්තා වන බැවිනි එයට ප‍්‍රධාන හේතුව වී නිපදවන සියළුම රටවල්වල මෙන් 4 ගුණයකටත් වඩා තිරිඟු පිටි පරිභෝජනය කරන බැවිනි. තිරිඟු පිටි පරිභෝජනය අඩු කිරීමෙන් තොරව සහල් සඳහා අවශ්‍ය ඉල්ලූම ස්ථාපිත කල නොහැක. එලෙසම තිරිඟු පිටි ආනයනයෙන් මසකට ගොවි පවුලකට රු 20000 ක පමන ආදායමක් අහිමි වේ.

මේ සඳහා පහත සඳහන් යෝජනා වහාම ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

1. තිරිඟු පිටි ආනයනය ටොන් ලක්ෂ 14 සිට 7 දක්වා අඩු කිරීමට තොග මිල රු. 110 ක් වන ලෙස පාන් පිටි කිලෝවකට රු. 25 ක ආනයන බදු පැනවීම එමගින් පවතින තත්වයට සාපේක්ෂව සහල් ටොන් මිලියන එකක ඉල්ලූමක් ( වී ටොන් ලක්ෂ 18ක * ඇති කරනු ඇති අතර රජයට මිලියන 17500 ක බදු ආදායමක් වාර්ෂිකව අපේක්ෂා කල හැක. වතු කම්කරුවන්ට පීඩාවක් ඇති වේ නම් එම බදු මුදලින් ඔවුන්ගේ දිනක වැටුපට රු. 350ක සහල් සහනාධාර මල්ලක් ලබා දීමට රජයට යෝජනා කිරීම.

2. වී තොග ඉහල මිලකට විකුණා ගැනීමට අවශ්‍ය යාන්ත‍්‍රණය යලි යලි ස්ථාපිත කිරීම සඳහා 2018/07/18 දින ගරු අග‍්‍රාමාත්‍ය තුමාගේ කැබිනට් පත‍්‍රිකාවට අදාලව වැසී ඇති සහ අක‍්‍රීය සහල් කර්මාන්ත ශාලා සඳහා සමුපාකාර අරමුදල මගින් යෝජිත මුදල කොන්දේසි විරහිතව දිස්ත‍්‍රික් කර්මාන්තකරුවන්ගේ සමූපකාර සමිති වලට වහාම ලබා දී ඔවුන් ක‍්‍රියාත්මක තලයට කඩිනමින් පත් කිරීම.

3. දැනට තිරිඟු පිටි සමාගම් සඳහා ලබා දෙන්නේ යැයි පැවසෙන සහනාධාර වහාම නවතා එවැනි සහනාධාරයක් තිරිඟු පිටි ආදේශනය සඳහා බේකරි කර්මාන්ත ශාලා සහ සෘජුවම සිල්ලර වෙළඳ පොලට ඒ සඳහාම පිළිගත හැකි ලෙස සහල් පිටි ලබා දෙන කර්මාන්තකරුවන් වෙත ලබා දීම.

4. පාන් පිටි හා පාන් පිටි ආශ‍්‍රිත නිෂ්පාදන ඪ්ඔ බද්දට යටත් කල යුතුය.

5. තිරිඟු පිටි හා තිරිඟු පාන් අත්‍යාවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් ඉවත් කිරීම.

6. දේශීය පලතුරු නිෂ්පාදන සහ වගාව දිරිමත් කිරීම සඳහා ආනයනික පලතුරු සඳහා ( උදා ඇපල් ගෙඩියක් රු. 125 ක් සහ නාරම් ගෙඩියක් රු. 100 ක් වන පරිදි * බදු පැනවීම සහ එකි සියළුම ආනයන නිරෝධායන නීති රීති වලට අනුකූල බවට තදින් තහවුරු කිරීම.

7. වාණිජ සියඹලා, ගොරකා වැනි භෝග වගාව සහ ස්වාභාවික නිෂ්පාදන රැුස් කිරීම දිරිමත් කිරීම සඳහා ඒවාට වසර 10 ක සැලසුම් සහිතව ආනයනික බදු පැනවීම. ( අඩුවශයෙන් කිලෝවකට රු. 500 ක බද්දක් පැනවීම *.

8. දේශීය ව්‍යාපාරිකයන් අනතුරට ලක් වීම වැලකීම සඳහා ඵදබදචදකසැි ්ජඑ හා එවැනි විකල්ප
නැවත හඳුන්වා දිය යුතුය.

9. කිරිපිටි සඳහා හඳුන්වා දී ඇති ප‍්‍රමිතිය තහවුරු කිරීම සඳහා ඇති පර්යේෂණ ක‍්‍රමවේදය සක‍්‍රීය කිරීම හා ගොඩබෑමට පෙර අදාල ප‍්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීම.

10. දේශීය රැුකියා අවශ්‍යතාවය සපුරා ලීමට හැකි වන පරිදි දේශීය නිෂ්පාදකයන්ට හා කර්මාන්ත කරුවන්ට සහන පොලියට හා සහන කාලයක් සහිතව දිගු කාලීන ණය ලබා දීම.

ස්තූතියි.
මෙයට දේශයට ලැදි,

ආරියසීල වික‍්‍රමනායක
සභාපති
මව්බිම ලංකා පදනම

ශ්‍රී ලංකාව දැවැන්ත වී අස්වැන්නක අභියස

2019 වර්ෂයේ මහ කන්නයේ ලැබීම්ට නියමිත අස්වැන්න ඉතිහාසයේ දැවැන්තම වී අස්වැන්න බව අප තරයේ විශ්වාස කරමු. අලුතින් ඉදිවු ගහකන්ද ජලාශය මගින් පෝෂණය වන ගොවි ජනපද තුළින්ද රටේ විශාල වී නිෂ්පාදනයක් ඉදිරියේ දී ඇති වීමට ඉඩ ඇති නිසා ඒ සඳහා පෙර සූදානම් වීමට අවශ්‍ය වන බවත් ජනතාවගේ පාරිභෝජනය වැඩි කිරීම සඳහා රජයට බල කිරීම තුළින් ඔබගේ කෘෂි ආර්ථිකය සුරක්ෂිත කර ගැනීම අත්‍යවශ්‍ය බවත් අප තේරුම් ගෙන සිටිමු. නමුත් රටේ සහල් වෙළෙඳපොළ පාන්පිටි සමාගම් විසින් අත්පත් කරගැනීමට රටෙන් පාලනාධිකාරියට ලබා දී ඇති බැවින් විකුණා ගත නොහැකි තත්වයක් අනිවාර්යෙන්ම උදා වන බව අපගේ නිරීක්ෂණයයි. වී නිපදවන අනෙකුත් රටවල් එක් පුද්ගලයෙකුට වසරකට කිලෝ ග්‍රෑම් 22ක් ට වඩා පාන් පිටි පරිභෝජනය ට ඉඩ ලබා නොදෙන නමුත් අපේ රටේ එය කිලෝ ග්‍රෑම් 60 දක්වා ඉහල ගොසළ ගොස් ඇත අපගේ එක් වී ගොවි පවුලකට අනෙකුත් කිරි නිපදවන රටවලට සාපේක්ෂව මසකට ලබාගත හැකි ආදායම රුපියල් 20,000 කට ආසන්න මුදලක් අහිමි වේ.

ඩොලරයේ අගය වැඩි වීම නිසා අද වන විට අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් කෙටිකාලීනව එය මඟහැරෙන තුරු ක‍්‍රියාත්මක කල හැකි යෝජනා

1. දැනට වාහන අංගන වල අවුරුදු 02 කට වැඩි කාලයක් තිස්සේ විකිණිය හැකි වාහන විශාල ප‍්‍රමාණයක් ගාල් කොට ඇත. එම නිසා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලොරි, බස් රථ හා බර වාහන හැර අනිකුත් සියළුම වාහන මාස 06 ක කාල සීමාවකට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතු වේ.

විශේෂයෙන්ම මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම මාස 06 කට තහනම් කල යුතු වේ.

වාහන ගෙන්වීම අත්හිටුවන නිසා දැනට වාහන අංගන වල ඇති වාහන වල මිල අනිවාර්යයෙන්ම වැඩි වනවා ඇත. එලෙසම පාවිච්චි කරන ලද වාහන වල මිලද යම්තාක් දුරකට වැඩි වනවා ඇත. (ෘැප්බා සබජරු්ිැ දෙර එයැ ිැජදබා ය්බා ඩැයසජකැි * එලෙසම වාහන ආනයනය සීමා කිරීම සඳහා වාහන ලියාපදිංචි ගාස්තුව ධාරිතාවය අනුව වැඩි කල යුතු අතර අවම ලියාපදිංචි ගාස්තුව රු. 500,000.00 දක්වා වැඩි කල යුතුය. යතුරු පැදි සඳහා සාධාරණ මිලක් නියම කොට එම ප‍්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කල යුතුය.

මෙසේ වාහන ගෙන්වීම සීමා කිරීම නිසා වාහන අලූත්වැඩියා කිරීමේ ප‍්‍රවණතාවය වැඩි වීමෙන් කාර්මික අංශයේ රැුකියා අවස්ථා වැඩි වන බවද සඳහන් කල යුතු වේ.

2. විවිධ වර්ගයේ ජංගම දුරකථන විශාල ප‍්‍රමාණයක් ආනයනය කර ඇති බැවින් අතිරික්ත තොගයක් අද වෙළඳපලේ දක්නට ඇත. මේවා ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කල යුතු වේ. එම නිසා ජංගම දුරකථන ආනයනයද මාස 06 කට සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු වේ. පවතින තොග ඉදිරි මාස කිහිපය සඳහා ප‍්‍රමාණවත් බව අපගේ වැටහීමයි.

3. දියර කිරි හා කිරිපිටි නිෂ්පාදනය දේශීය වශයෙන් වැඩි වී ඇති බැවින් දැනට රට තුල අතිරික්තයක් පවතී. එම නිසා නොයෙක් අවස්ථා වලදී දියර කිරි දෝරෙ ගලා යෑමට සලස්වා ඇති බවට වාර්ථා නිතරම අසන්නට ලැබේ. එම නිසා කිරිපිටි ආනයනය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගිය වර්ෂයට සාපේක්ෂව 50% කින් අඩු කල යුතුය.

දැනට දේශීය බටර් නිෂ්පාදනයේද අතිරික්තයක් ඇත. බටර් නිෂ්පාදනයේ යෙදී සිටින එක් දේශීය සමාගමක් අයත් වන්නේ රජයටය. එම නිසා බටර් ආනයනය කිරීම අනිවාර්යයෙන් සීමා කල යුතුය.

4. දැනට ගෙන්වා ඇති සහල් තොගය ඉදිරි කන්න දෙක සඳහා ප‍්‍රමානවත් බවට තොරතුරු ලැබී ඇත. වහාම ක‍්‍රියාත්මක වන පරිදි සහල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු අතර සහල් පරිභෝජනය වැඩි කිරීම සඳහා පාන්පිටි ආශ‍්‍රිත නිෂ්පාදන පරිභෝජනය අධෛර්යමත් කල යුතුය. ඒ සඳහා පාන්පිටි වල මිල ඉහල දැමිය යුතුය. එලෙසම හාල් පිටි වලින් පාන් නිෂ්පාදනය කිරීම දැනට ව්‍යාපාරිකයින් කීප දෙනෙකු විසින් ආරම්භ කර ඇති බැවින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා කෙටි කාලීනව (ීමඉිසාහ* ක‍්‍රමයක් හඳුන්වා දිය යුතු වේ. මෙවැනි ීමඉිසාහ ක‍්‍රමයක් ඡුරසප් සමාගමට අවුරුදු ගණනක් තිස්සේ ලබා දී ඇති බවද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම ක‍්‍රමය මගින් අති විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැක.

මෙම සහල් ආනයනය වහාම අත්හිටුවීම නොකලහොත් ඉදිරි කන්න වල අස්වැන්න ලැබීමත් සමග පරණ සහල් තොග නරක් වීම හේතුවෙන් කුණුකොල්ලයට සත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීමට කටයුතු කරනු ඇත. එයින් තවත් ¥ෂණයක් සිදුවන බවද අවධාරණයෙන් දැනුම් දෙමු.

5. ගොරකා, සියඹලා ඇතුළු දේශීයව වගා කල හැකි කෘෂි නිෂ්පාදන විශාල ප‍්‍රමාණයෙන් ආනයනය කරනු ලැබේ. මෙවැනි නිෂ්පාදන ආනයනය කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතුය. මෙම ගොරකා, සියඹලා සඳහා සාධාරණ මිලක් නොමැති වීම සහ එකතු කිරීමේ ක‍්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ගස් යට කුණු වී යයි. පාසල් ළමයින් හරහා එකතු කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් එම පවුල් වලටද අතිරේක ආදායම් මාර්ගයක් පෑදෙන අතර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්ද ඇති නොවන බව අපගේ හැඟීමයි.

6. එසේම වර්තමානයේ විශාල වශයෙන් ඇපල් මිදි වැනි පළතුරු ආනයනය කරනු ලැබේ. ඉදිරි මාස 06 ක කාල සීමාවේදී මෙවැනි පළතුරු ආනයනය කිරීමද සීමා කල යුතු වේ.

7. සරුංගල්, වෙසක් කූඩු වැනි භාණ්ඩ පසුගිය වසර 50 ක කාලය තුල ආනයනය කල භාණ්ඩ නොවන අතර අවාසනාවකට මෙන් විදේශ විනිමය විශාල ලෙස වැය කරමින් මෙවැනි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කෙරේ. මෙය සම්පූර්ණයෙන්ම අත්හිටුවිය නොහැකි නම් අවම වශයෙන් මාස 06 කට වත් තහනම් කල යුතුය.

8. විශාල ප‍්‍රමාණයේ සෙල්ලම් බඩු කඩ (ණසාි ‘දබැ* දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ස්ථානගත කොට ඇත. මේවා අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන බව පැහැදිලිව දන්නා කරුණකි. මේ නිසා දේශීය සෙල්ලම් බඩු කර්මාන්තය කිසිම දිනක දියුණු නොවන බව සඳහන් කල යුතුය. සෙල්ලම් බඩු ආනයනය මාස 06 කට තහනම් කර දේශීයව සෙල්ලම් බඩු කර්මාන්තය නඟා සිටුවීම සඳහා දැනට ක‍්‍රියාත්මක වන ගම්පෙරළිය ක‍්‍රමය යටතේ ආධාර උපකාර කලයුතු වේ.

9. අලූතින් පනවා නීති අනුව සමහරක් භාණ්ඩ ආනයනයේදී 100%, 200% ණයවර ලිපි (ඛක්‍ ඵ්රටසබි* තැන්පත් කල යුතු බවට රජය විසින් යෝජනා කොට ඇත. කණගාටුවට කරුණ නම් වර්තමානයේදී භාණ්ඩ ආනයනය කරනු ලබන්නේ ණයවර ලිපි විවෘත කිරීමෙන් (ඛක්‍ ධචැබසබට* නොව ෘඡු සහ ෘ් ක‍්‍රමය යටතේය. මෙම ක‍්‍රමවේදය ගැන සියළුම බැංකු වලට හොඳ අවබෝධයක් ඇත. එම නිසා යෝජිත ණයවර ලිපි විවෘත කිරීමේ ක‍්‍රමවේදයේ කිසිම ඵල ප‍්‍රයෝජනයක් නොමැති බව දන්වා සිටීමට කැමැත්තෙමු.

ආණ්ඩුවට බැරිනම් අපිට කියන්න අපි කරන හැටි කියලා දෙන්නමි – මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක

දේශීය ආර්ථිකය රැකගැනීමට ආණ්ඩුවට නොහැකිනම් රටට ආදරය කරන දේශිය කර්මාන්ත කරුවන්ට ආර්ථිකය ගොඩනැගීමේ මග පෙන්වීමට අවස්ථාව ලබා දෙන්නැයි මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි.

පසුගිය (25) වනදා බණ්ඩාරනායක සම්ම‍න්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

”අපි ආණ්ඩුවට හැමදාම කියනවා හැමදේම පිටරටින් එනකල් කට ඇරගෙන බලා ඉදල හරියන්නෙ නැහැ. රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕන කියලා. ඒත් ඇහුවෙ නැහැ. දැන් රුපියල කඩා වැටෙනකොට මොළේ පෑදිලා. දැන් කියනවා ආනයන සීමා කරන්න ඕනේ කියලා.

රටට ඕන කිරි ටික, සීනි ටික, හාල් ටික අපට හදාගන්න පුළුවන්. ඒව කරන හැටි කියලා දෙන්න විතරක් නෙවෙයි කරලා පෙන්නන්නත් අපට පුළුවන්.”

ඒ ආරියශීල වික්‍රමනායක මහතාගේ මතයයි. ඔහු එහෙම කියන්නේ පසුගිය 25 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ”ඔහුගේ කතාව සහ රටේ කතාව” සමාජගත කරන අවස්ථාවේදීයි. ධ්‍යවේදී ඉසුරු ප්‍රසංග විසින් රචිත ”කෙම් බිමට ගමනක්” ආරියශීල වික්ක‍රමනායක මහතාගේ ජීවිත කතාව සහ ඔහු රට වෙනුවෙන් කළ කී දෑ ඇතුලත් සුවිශේෂී ග්‍රන්ථය එළිදැක් වුණි.

“කෙම් බිමට ගමනක්” ආරියශීල වික්ක‍රමනායක මහතාගේ ජීවිත කතාව

මේ රට වෙනස් කළ හැකි බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු ගැන ඔබ නොදත් කතාව දැනගන්න… සැප්තැම්බර් 25 අඟහරුවාදා සවස 3ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න.

ඩෙනිම් කලිසම් සඳහා සායම් (ඩයි කිරීම) මෙරටදී සිදු කිරීම

ඇමෙරිකානුවන් ඩෙනිම් ජින්ස් වලට ඉතා කැමතිය. සාමාන්‍ය පාරිභෝගිකයෙක් වසරකට ඩෙනිම් කලිසම් 4ක් වත් අඩුම වශයෙන් මිලදී ගනු ලබයි. චීනයේ ෂිං ටෑං ප‍්‍රාන්තයේ ඩෙනිම් කේන්ද‍්‍රස්ථානයක් වන එහි වාර්ෂිකව කලිසම් මිලියන 300ක් නිෂ්පාදනය කරනු ලබයි. එක් ඩෙනිම් කලිසමක් සායම් කිරීමට විෂ සහිත රසායනික ද‍්‍රව්‍යයන් හා ජල ගැළුම් විශාල ප‍්‍රමාණයක් යොදා ගැනේ.

ගවේෂණාත්මක වාර්තා වලට අනුව ප‍්‍රධාන විලාසිතා සන්නාමයන් සෑම වසරකම නැවුම් ජල ගැලූම් ට‍්‍රිලියන 28ක් යොදා ගන්නා බව සනාත වේ. බොහෝ රට වල පරිසරයට හා ජල මූලාශ‍්‍ර පද්ධති වලට ඉතා අහිතකර බැවින් මෙම කර්මාන්තය තම රටවල කරගෙන යාමට දැඩි විරෝධතා පවතී.

එම නිසා මෙම පරිසර අහිතකාමී කර්මාන්ත රට තුලට ඒමේ ඉඩකඩ වැඩි අතර දැනටමත් එම කර්මාන්ත ශ‍්‍රී ලංකාව තුල ඉදි කර ඇත. චීනය ඉන්දියාව බංග්ලාදේශ වැනි රටවල ගංගා අතර පරිසර පද්ධතියට හා ප‍්‍රජාවට ඇති වී ඇති පරිසර හානිය ඉතා විශාල වේ. ආසියා මහාද්වීපයේ රෙදිපිළි කර්මාන්තයෙන් නිපදවන අප ජලය ගැළුම් මිලියන 2.5 ක් මගින් ආසියාවේ ගංගා හා විල් වලින් 70% ක් ¥ෂිත වී ඇති බවට ගණන් බලා ඇත. එම රටවල වාර්ෂික නිෂ්පාදනය ක‍්‍රමානුකූලව අඩු කිරීමේ තත්වයක් තුල ඒ සා විශාල ප‍්‍රමාණයක මෙම පරිසරයට අහිතකර කර්මාන්ත තව දුරටත් ශ‍්‍රී ලංකාව තුලට එවීමේ ඉඩකඩ ඉතා වැඩිය.

ඩෙනිම් කලිසම් පිටරටින් ආනයනය කර මෙරටදී සායම් කිරීමට (ඩයි කිරීම * වඩා එය ආනයනය කිරීමට පෙර එම රටදීම ඩයි කර මෙරටට ආනයනය කිරීම කාලෝචිත බව අපගේ හැඟීමයි. එමගින් අපගේ ජල පෝෂිතයට පරිසර පද්ධතියට හා ප‍්‍රජාවට ඇති වන අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි. එම නිසා මේ පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සළස්වන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

ආනයනික පලතුරු සඳහා බදු වැඩි කිරීම

ආනයනික පලතුරු සඳහා බදු වැඩි කිරීමට ඔබ තුමා ගත් තීරණය පිළිබඳව දේශීය ව්‍යාපාරිකයින් ලෙස අප ඔබ තුමන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙමු.
මෙම තීරණය ඉතාමත් කාලෝචිත වන්නේ ලංකාවේ විදේශ විනිමයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම විදේශ පලතුරු ආනයනය කිරීම සඳහා වැය කරන නිසාවෙනි. මෙම පලතුරු බොහෝ කාලයක් එම රට වල ශීතකරණ වල තබා නොයෙකුත් රසායනික ද‍්‍රව්‍ය එන්නත් කර ගෙන්වා තවත් මාස හයක පමණ කාලයක් ගබඩා කර වෙළඳපලට නිකුත් කරනු ලබන මෙම පළතුරු කිසිසේත් සෞඛ්‍යාරක්ෂිත නොවේ. එම නිසා මෙසේ සෞඛ්‍යාරක්ශිත නොවන පලතුරු වෙනුවෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කිරීම ජාතික අපරාධයකි. එසේම මෙසේ අධික බදු ගෙවා ගෙන්වන පලතුරු වල සෞඛ්‍යාරක්ෂිත බව සෙවීමට තත්ව පරීක්ෂණ සිදු කල යුතුය. ඒ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර සෞඛ්‍යාරක්ෂිත පළතුරු පමණක් ගෙන්වීමට අවසර ලබා දිය යුතු අතර මේ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කරන ලෙස අප යෝජනා කරන්නෙමු.

ආනයනික පලතුරු සේම විදේශ විනිමය විශාල ලෙස වැය කරමින් අප රටට අනවශ්‍ය භාණ්ඩ රාශියක් අප ගෙන්වනු ලබන අතර ඒ පිලිබඳව ඔබ තුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. එනම් අප රටට කිසිසේත්ම අනවශ්‍ය සරුංගල්, වෙසක් කූඩු, හඳුන්කූරු විශාල ලෙස විදේශ විනිමය වැය කරමින් පිටරටින් ගෙන්වනු ලැබේ. මේවා අද වන විට ගම් මට්ටමින් ඉතා කුඩාවට කරගෙන යනු ලබන ග‍්‍රාමීය කර්මාන්ත වේ. මෙම කර්මාන්ත හඳුනාගෙන වත්මන් රජය යටතේ ක‍්‍රියාත්මක වන ග‍්‍රාම ශක්ති වැඩසටහන යටතේ අඩු පොලී ණය පහසුකම් ලබා දී සාර්ථක ලෙස සංවර්ධනය කල හැකිය. එසේ සංවර්ධනය කිරීමෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහල යනවා සේම නිකරුනේ අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැය කරන විදේශ විනිමය ලංකාව තුල රඳවා ගත හැකි වනු ඇත.

එම නිසා මෙවැනි භාණ්ඩ වල තීරු බදු වැඩි කිරීම හා තත්ව පාලන ක‍්‍රම මගින් මෙම භාණ්ඩ ආනයනය සීමා කල හැකි වන අතර ඔබ තුමාගේ අවධානය මේ පිළිබඳවද යොමු කරන ලෙස මෙයින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Sri Lankan Product for CMA

මහල් නිවාස වාසීන්ට සහන මිලට දේශීය නිෂ්පාදන

අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව සියළු මහල් නිවාස වාසීන්ටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවකයින්ටත් සහන මිලට දේශීයව නිෂ්පාදනය කරන ලද

Continue reading

Food Security

ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළීමේ අධිරාජ්‍යවාදී  උවමනාව ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ණයදෙන ආයතන සහ එවායේ දේශීය එජන්තයින් විසිනි. ජාත්‍යන්තර ණය කොන්දේසි

Continue reading

SAFTA

‘‘සීපා’’ වෙනුවට සාටිස්’’ නම් එපා
ඉන්දියාව සමග එළබෙන්නට නියමිතව තිබූ ‘‘සීපා’’ ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් අත්හිටුවා වැඩි කලක් ගත වී නැත

Continue reading

Mobile Phones

ජංගම දුරකථන අධිභාවිතය ආර්ථික මර උගුලකි.

ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් අහිතකර ලෙස බලපාන්නේ විදේශීය සමාගම්වලට අයත් ජංගම දුරකථන ජාලය බව මේ වන විට ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත.

Continue reading

Self Sufficiency in butter article

කිරිපිටි කරමාන්තය වනසන ” බටර් ” ප්‍රශ්නය..

රී ලංකාව කිරි වලින් හෙවත් වඩාත් නිවැරදිව කියනවා නම් කිරි නිෂ්පාදනවලින් ස්වයං‍පෝෂිත කිරීමට නම් කිරි පිටි කර්මාන්තය පළමුව දියුණු කළ යුතු බව අප වසර ගණනාවක් තිස්සේ පෙන්වා දුන්නෙමු. අප එසේ කියන්නේ කරුණු 03ක් පදනම් කරගෙනය. පළමුවැන්න අප රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ

Continue reading

Sticker Campaign

මව්බිම ලංකා ස්ටිකර් ව්‍යාපාරය 2013

2013 වසරේ සමාරම්භයත් සමග සූර්යසිංහ සලකුණ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මව්බිමලංකා පදනම විසින් සංවිධානය කරන ලද ස්ටිකර් ව්‍යාපාරය

Continue reading

රයිගම් “දෙවැනි බත” වෙළෙඳ පොළට

වසර ගණනාවක් තිස්සේ තිරිගු පිටිවලින් පමණක් නිපදවූ නූඩ්ලස් “ද කිංඩම් ඔෆ් රයිගම්” ආයතනය විසින් සහල් පිටියෙන් නිපදවමින් ‘දෙවැනි බත නූඩ්ල්ස් තාලයට’ යන යෙදුම සමග වෙළෙද පොලට නිකුත් කර තිබේ.

Continue reading