Food Security

ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළීමේ අධිරාජ්‍යවාදී  උවමනාව ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ණයදෙන ආයතන සහ එවායේ දේශීය එජන්තයින් විසිනි. ජාත්‍යන්තර ණය කොන්දේසි

සහ එම ණය යොදා ගනිමින් දියත් කෙරෙන වැඩසටහන්වල අරමුණු ඉතා හොඳින් පරීක්‍ෂා කිරීමේදී මේ බව වටහාගත හැක.

ආහාර සංස්කෘතිය වශයෙන් හදුන්වනු ලබන්නේ කිසියම් ජනකායක් කන බොන ආහාර වට්ටෝරුවල ඒවා පිළියෙල කරගන්නා ආකාරය, එය අනුභව කරන ආකාරය පිළිබඳව දක්වනු ලබන ආකල්පය ආදී  වූ දේයි. මේ ආහාර සංස්කෘතිය ඒ ජන කොටස් සතු පොදු සංස්කෘතිය සමග දැඩි ලෙස බැඳී පවතී. විවිධ ජන කොටස්වල සංස්කෘතිය එකිනෙකින් වෙනස් වන්නාසේම ඒ ආහාර සංස්කෘතියද එකිනෙකට වෙනස් වෙයි.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දේශීය ආහාර නිපදවන්නන්ගේ එකමුතුවක් ඇරඹේ.
 පසුගියදා මව්බිම ලංකාපදනමේ කැඳවීමෙන් සූර්යසිංහ සන්නාම ලාභී දේශීය ආහාර ද්‍රව්‍ය නිපදවන්නන්ගේ හමුවක් කොළඹ 07, විජේරාම මාවත, සවුසිරිපායේ දී පැවැත්විණි. හරිස්චන්ද්‍ර, විජය, අලියා පපඩම්, රන්බැත, හෙල්දිෆ්ලා ආදී නිෂ්පාදකයින් විසින් මෙහිදී තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඇති බාධාවන් පිළිබඳව අදහස් දක්වන ලද අතර මව්බිම ලංකා පදනම වෙනුවෙන් එහි සභාපති ආරියශිල වික‍්‍රමනායක, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන කුලතුංග රාජපක්ෂ, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි සහ නීතිඥ කපිල ගමගේ යන මහත්වරුන්ද සහභාගී වුහ.

මෙහිදී මතු කෙරුණු පොදු අදහසක් වුයේ නිෂ්පාදනය තරමටම අසීරු කටයුත්තක් බවට එම නිෂ්පාදනය බෙදාහැරීම හා අලෙවිය පත්ව ඇති බවයි. විශේෂයෙන් සමහර සුපිරි වෙළඳ සැල් විසින් දින සියය ඉක්මවන ණය සීමා කාලයන් ලබා ගැනීම සහ ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන අඩු මිලට වෙළඳ පලේ තිබීම බරපතල තත්වයන් බව අවධාරණය කෙරිණි. ඒ අනුව සූර්යසිංහ සන්නාම ලාභී දේශීය නිෂ්පාදකයින් විකල්ප අලෙවිකරණ ජාලයක් වෙත පිවිසිය යුතු බවත්,  මීට අමතරව සුභ සාධක වෙළඳ සල් වැනි විකල්පයන්ටද යා යුතු බවත් ඞී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතාගේඅදහස විය. ඒ අනුව ලක් සතොස අලෙවි සැල් ජාලය හා සමඟ සම්බන්ධව කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බැලීමට මව්බිම ලංකා පදනම විසින් භාර ගන්නා ලදී.

මීට අමතරව අද දවසේ අවධාරණය විය යුතු කරුණක් බවට පත්ව ඇති දේශීය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දේශීය ආහාර නිෂ්පාදකයින් වශයෙන් ප‍්‍රබලව කටයුතු කළයුතු බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස විය. ඒ අනුව ”ආහාර සුරක්ෂිතතාවය උදෙසා ආහාර නිෂ්පාදකයෝ” යන තේමාව යටතේ සියළු දේශීය ආහාර නිෂ්පාදකයින් එක් වැඩ පිළිවෙලක් යටතට ගොනුකර ගැනීමට එක්ව කටයුතු කිරීමට ද තීරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


four × 5 =