MCC ගිවිඝුම අත්ඝන්කිරීම නොබැදි පිළිවෙතටද පටහැනිය.

ආයෝජන දිරිමත්‌ කිරීමේ ගිවිසුමක්‌ ලෙස හැදින්වෙන MCC ගිවිසුම අත්සන්‌ කිරීම මෙ වන විට
මහජන විරෝධය නිසා තාවකාලිකව අත්හිටුවා ඇති බව සත්‍යයකි. එසේම එම ගිවිසුම ඊට පෙර අත්සන්‌කළ ACSA ගිවිසුමත්‌ අත්සන්‌ කිරීමකින්‌ තොරව එකභතාවක්‌ ලබාදීමෙන්‌ පමණක්‌ වුව ක්‍රියාත්මක කලහැකි SOFA ගිවිසුමත්‌ සමහ එකට බැඳී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. ආයොජන ගිවිසුම මගින්‌ හදුන්වා දෙන ඉඩම්‌ සම්බන්ධ වගන්නිවල අරමුණ විදේශීය ආයොජකයන්ට පහසුවෙන්‌ ඉඩම්‌ මිලදී ගැනීමට ඉඩ සැලසීම බව MCC ගිවිසුමට අදාල කොන්ග්‍රස්‌ මණ්ඩල පත්‍රිකාවේ සදහන්‌ වේ. එසේම ගමනා ගමන වයෳාපෘතීන්‌ අවශ්‍ය වනුයේ ආයො ජන සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, පුද්ගලයින්‌ සහ භාණ්ඩ ප්‍රවාහනය සහ සේවා වෙළඳපල අවශ්‍යතාවයන්‌ කායර්ක්ෂම කිරීම සඳහා බව පැහැදිලිව හඳුනාගත හැක.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


+ nine = 17