ආනයනික පලතුරු සඳහා බදු වැඩි කිරීම

ආනයනික පලතුරු සඳහා බදු වැඩි කිරීමට ඔබ තුමා ගත් තීරණය පිළිබඳව දේශීය ව්‍යාපාරිකයින් ලෙස අප ඔබ තුමන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙමු.
මෙම තීරණය ඉතාමත් කාලෝචිත වන්නේ ලංකාවේ විදේශ විනිමයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම විදේශ පලතුරු ආනයනය කිරීම සඳහා වැය කරන නිසාවෙනි. මෙම පලතුරු බොහෝ කාලයක් එම රට වල ශීතකරණ වල තබා නොයෙකුත් රසායනික ද‍්‍රව්‍ය එන්නත් කර ගෙන්වා තවත් මාස හයක පමණ කාලයක් ගබඩා කර වෙළඳපලට නිකුත් කරනු ලබන මෙම පළතුරු කිසිසේත් සෞඛ්‍යාරක්ෂිත නොවේ. එම නිසා මෙසේ සෞඛ්‍යාරක්ශිත නොවන පලතුරු වෙනුවෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කිරීම ජාතික අපරාධයකි. එසේම මෙසේ අධික බදු ගෙවා ගෙන්වන පලතුරු වල සෞඛ්‍යාරක්ෂිත බව සෙවීමට තත්ව පරීක්ෂණ සිදු කල යුතුය. ඒ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර සෞඛ්‍යාරක්ෂිත පළතුරු පමණක් ගෙන්වීමට අවසර ලබා දිය යුතු අතර මේ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කරන ලෙස අප යෝජනා කරන්නෙමු.

ආනයනික පලතුරු සේම විදේශ විනිමය විශාල ලෙස වැය කරමින් අප රටට අනවශ්‍ය භාණ්ඩ රාශියක් අප ගෙන්වනු ලබන අතර ඒ පිලිබඳව ඔබ තුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. එනම් අප රටට කිසිසේත්ම අනවශ්‍ය සරුංගල්, වෙසක් කූඩු, හඳුන්කූරු විශාල ලෙස විදේශ විනිමය වැය කරමින් පිටරටින් ගෙන්වනු ලැබේ. මේවා අද වන විට ගම් මට්ටමින් ඉතා කුඩාවට කරගෙන යනු ලබන ග‍්‍රාමීය කර්මාන්ත වේ. මෙම කර්මාන්ත හඳුනාගෙන වත්මන් රජය යටතේ ක‍්‍රියාත්මක වන ග‍්‍රාම ශක්ති වැඩසටහන යටතේ අඩු පොලී ණය පහසුකම් ලබා දී සාර්ථක ලෙස සංවර්ධනය කල හැකිය. එසේ සංවර්ධනය කිරීමෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහල යනවා සේම නිකරුනේ අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැය කරන විදේශ විනිමය ලංකාව තුල රඳවා ගත හැකි වනු ඇත.

එම නිසා මෙවැනි භාණ්ඩ වල තීරු බදු වැඩි කිරීම හා තත්ව පාලන ක‍්‍රම මගින් මෙම භාණ්ඩ ආනයනය සීමා කල හැකි වන අතර ඔබ තුමාගේ අවධානය මේ පිළිබඳවද යොමු කරන ලෙස මෙයින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


+ 4 = twelve