ඩොලරයේ අගය වැඩි වීම නිසා අද වන විට අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් කෙටිකාලීනව එය මඟහැරෙන තුරු ක‍්‍රියාත්මක කල හැකි යෝජනා

1. දැනට වාහන අංගන වල අවුරුදු 02 කට වැඩි කාලයක් තිස්සේ විකිණිය හැකි වාහන විශාල ප‍්‍රමාණයක් ගාල් කොට ඇත. එම නිසා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලොරි, බස් රථ හා බර වාහන හැර අනිකුත් සියළුම වාහන මාස 06 ක කාල සීමාවකට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතු වේ.

විශේෂයෙන්ම මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම මාස 06 කට තහනම් කල යුතු වේ.

වාහන ගෙන්වීම අත්හිටුවන නිසා දැනට වාහන අංගන වල ඇති වාහන වල මිල අනිවාර්යයෙන්ම වැඩි වනවා ඇත. එලෙසම පාවිච්චි කරන ලද වාහන වල මිලද යම්තාක් දුරකට වැඩි වනවා ඇත. (ෘැප්බා සබජරු්ිැ දෙර එයැ ිැජදබා ය්බා ඩැයසජකැි * එලෙසම වාහන ආනයනය සීමා කිරීම සඳහා වාහන ලියාපදිංචි ගාස්තුව ධාරිතාවය අනුව වැඩි කල යුතු අතර අවම ලියාපදිංචි ගාස්තුව රු. 500,000.00 දක්වා වැඩි කල යුතුය. යතුරු පැදි සඳහා සාධාරණ මිලක් නියම කොට එම ප‍්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කල යුතුය.

මෙසේ වාහන ගෙන්වීම සීමා කිරීම නිසා වාහන අලූත්වැඩියා කිරීමේ ප‍්‍රවණතාවය වැඩි වීමෙන් කාර්මික අංශයේ රැුකියා අවස්ථා වැඩි වන බවද සඳහන් කල යුතු වේ.

2. විවිධ වර්ගයේ ජංගම දුරකථන විශාල ප‍්‍රමාණයක් ආනයනය කර ඇති බැවින් අතිරික්ත තොගයක් අද වෙළඳපලේ දක්නට ඇත. මේවා ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කල යුතු වේ. එම නිසා ජංගම දුරකථන ආනයනයද මාස 06 කට සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු වේ. පවතින තොග ඉදිරි මාස කිහිපය සඳහා ප‍්‍රමාණවත් බව අපගේ වැටහීමයි.

3. දියර කිරි හා කිරිපිටි නිෂ්පාදනය දේශීය වශයෙන් වැඩි වී ඇති බැවින් දැනට රට තුල අතිරික්තයක් පවතී. එම නිසා නොයෙක් අවස්ථා වලදී දියර කිරි දෝරෙ ගලා යෑමට සලස්වා ඇති බවට වාර්ථා නිතරම අසන්නට ලැබේ. එම නිසා කිරිපිටි ආනයනය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගිය වර්ෂයට සාපේක්ෂව 50% කින් අඩු කල යුතුය.

දැනට දේශීය බටර් නිෂ්පාදනයේද අතිරික්තයක් ඇත. බටර් නිෂ්පාදනයේ යෙදී සිටින එක් දේශීය සමාගමක් අයත් වන්නේ රජයටය. එම නිසා බටර් ආනයනය කිරීම අනිවාර්යයෙන් සීමා කල යුතුය.

4. දැනට ගෙන්වා ඇති සහල් තොගය ඉදිරි කන්න දෙක සඳහා ප‍්‍රමානවත් බවට තොරතුරු ලැබී ඇත. වහාම ක‍්‍රියාත්මක වන පරිදි සහල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු අතර සහල් පරිභෝජනය වැඩි කිරීම සඳහා පාන්පිටි ආශ‍්‍රිත නිෂ්පාදන පරිභෝජනය අධෛර්යමත් කල යුතුය. ඒ සඳහා පාන්පිටි වල මිල ඉහල දැමිය යුතුය. එලෙසම හාල් පිටි වලින් පාන් නිෂ්පාදනය කිරීම දැනට ව්‍යාපාරිකයින් කීප දෙනෙකු විසින් ආරම්භ කර ඇති බැවින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා කෙටි කාලීනව (ීමඉිසාහ* ක‍්‍රමයක් හඳුන්වා දිය යුතු වේ. මෙවැනි ීමඉිසාහ ක‍්‍රමයක් ඡුරසප් සමාගමට අවුරුදු ගණනක් තිස්සේ ලබා දී ඇති බවද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම ක‍්‍රමය මගින් අති විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැක.

මෙම සහල් ආනයනය වහාම අත්හිටුවීම නොකලහොත් ඉදිරි කන්න වල අස්වැන්න ලැබීමත් සමග පරණ සහල් තොග නරක් වීම හේතුවෙන් කුණුකොල්ලයට සත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීමට කටයුතු කරනු ඇත. එයින් තවත් ¥ෂණයක් සිදුවන බවද අවධාරණයෙන් දැනුම් දෙමු.

5. ගොරකා, සියඹලා ඇතුළු දේශීයව වගා කල හැකි කෘෂි නිෂ්පාදන විශාල ප‍්‍රමාණයෙන් ආනයනය කරනු ලැබේ. මෙවැනි නිෂ්පාදන ආනයනය කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතුය. මෙම ගොරකා, සියඹලා සඳහා සාධාරණ මිලක් නොමැති වීම සහ එකතු කිරීමේ ක‍්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ගස් යට කුණු වී යයි. පාසල් ළමයින් හරහා එකතු කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් එම පවුල් වලටද අතිරේක ආදායම් මාර්ගයක් පෑදෙන අතර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්ද ඇති නොවන බව අපගේ හැඟීමයි.

6. එසේම වර්තමානයේ විශාල වශයෙන් ඇපල් මිදි වැනි පළතුරු ආනයනය කරනු ලැබේ. ඉදිරි මාස 06 ක කාල සීමාවේදී මෙවැනි පළතුරු ආනයනය කිරීමද සීමා කල යුතු වේ.

7. සරුංගල්, වෙසක් කූඩු වැනි භාණ්ඩ පසුගිය වසර 50 ක කාලය තුල ආනයනය කල භාණ්ඩ නොවන අතර අවාසනාවකට මෙන් විදේශ විනිමය විශාල ලෙස වැය කරමින් මෙවැනි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කෙරේ. මෙය සම්පූර්ණයෙන්ම අත්හිටුවිය නොහැකි නම් අවම වශයෙන් මාස 06 කට වත් තහනම් කල යුතුය.

8. විශාල ප‍්‍රමාණයේ සෙල්ලම් බඩු කඩ (ණසාි ‘දබැ* දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ස්ථානගත කොට ඇත. මේවා අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන බව පැහැදිලිව දන්නා කරුණකි. මේ නිසා දේශීය සෙල්ලම් බඩු කර්මාන්තය කිසිම දිනක දියුණු නොවන බව සඳහන් කල යුතුය. සෙල්ලම් බඩු ආනයනය මාස 06 කට තහනම් කර දේශීයව සෙල්ලම් බඩු කර්මාන්තය නඟා සිටුවීම සඳහා දැනට ක‍්‍රියාත්මක වන ගම්පෙරළිය ක‍්‍රමය යටතේ ආධාර උපකාර කලයුතු වේ.

9. අලූතින් පනවා නීති අනුව සමහරක් භාණ්ඩ ආනයනයේදී 100%, 200% ණයවර ලිපි (ඛක්‍ ඵ්රටසබි* තැන්පත් කල යුතු බවට රජය විසින් යෝජනා කොට ඇත. කණගාටුවට කරුණ නම් වර්තමානයේදී භාණ්ඩ ආනයනය කරනු ලබන්නේ ණයවර ලිපි විවෘත කිරීමෙන් (ඛක්‍ ධචැබසබට* නොව ෘඡු සහ ෘ් ක‍්‍රමය යටතේය. මෙම ක‍්‍රමවේදය ගැන සියළුම බැංකු වලට හොඳ අවබෝධයක් ඇත. එම නිසා යෝජිත ණයවර ලිපි විවෘත කිරීමේ ක‍්‍රමවේදයේ කිසිම ඵල ප‍්‍රයෝජනයක් නොමැති බව දන්වා සිටීමට කැමැත්තෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


+ eight = 17