අයවැය යෝජනා 2019.

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් මහ කන්නයේ ලැබූ ඉහලම වී අස්වැන්න 2014 – 2015 මහ කන්නයේ වාර්තා වුන ටොන් ලක්ෂ 30කට ආසන්න වූ අස්වැන්න වේ. එහෙත් මෙවර වී අස්වැන්න එයට වඩා බොහෝ වැඩි යැයි අනුමාන කෙරේ. එහෙත් වී සහ සහල් සඳහා ඇති ඉල්ලූම ඉතා පහත වැටී ඇති බව පෙනී යනුයේ අස්වැන්න නෙලීම ආරම්භයේදීම වී මිල රු. 30 කට ආසන්න අගයකට වැටී ඇති බව මේ වන විට වාර්තා වන බැවිනි එයට ප‍්‍රධාන හේතුව වී නිපදවන සියළුම රටවල්වල මෙන් 4 ගුණයකටත් වඩා තිරිඟු පිටි පරිභෝජනය කරන බැවිනි. තිරිඟු පිටි පරිභෝජනය අඩු කිරීමෙන් තොරව සහල් සඳහා අවශ්‍ය ඉල්ලූම ස්ථාපිත කල නොහැක. එලෙසම තිරිඟු පිටි ආනයනයෙන් මසකට ගොවි පවුලකට රු 20000 ක පමන ආදායමක් අහිමි වේ.

මේ සඳහා පහත සඳහන් යෝජනා වහාම ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

1. තිරිඟු පිටි ආනයනය ටොන් ලක්ෂ 14 සිට 7 දක්වා අඩු කිරීමට තොග මිල රු. 110 ක් වන ලෙස පාන් පිටි කිලෝවකට රු. 25 ක ආනයන බදු පැනවීම එමගින් පවතින තත්වයට සාපේක්ෂව සහල් ටොන් මිලියන එකක ඉල්ලූමක් ( වී ටොන් ලක්ෂ 18ක * ඇති කරනු ඇති අතර රජයට මිලියන 17500 ක බදු ආදායමක් වාර්ෂිකව අපේක්ෂා කල හැක. වතු කම්කරුවන්ට පීඩාවක් ඇති වේ නම් එම බදු මුදලින් ඔවුන්ගේ දිනක වැටුපට රු. 350ක සහල් සහනාධාර මල්ලක් ලබා දීමට රජයට යෝජනා කිරීම.

2. වී තොග ඉහල මිලකට විකුණා ගැනීමට අවශ්‍ය යාන්ත‍්‍රණය යලි යලි ස්ථාපිත කිරීම සඳහා 2018/07/18 දින ගරු අග‍්‍රාමාත්‍ය තුමාගේ කැබිනට් පත‍්‍රිකාවට අදාලව වැසී ඇති සහ අක‍්‍රීය සහල් කර්මාන්ත ශාලා සඳහා සමුපාකාර අරමුදල මගින් යෝජිත මුදල කොන්දේසි විරහිතව දිස්ත‍්‍රික් කර්මාන්තකරුවන්ගේ සමූපකාර සමිති වලට වහාම ලබා දී ඔවුන් ක‍්‍රියාත්මක තලයට කඩිනමින් පත් කිරීම.

3. දැනට තිරිඟු පිටි සමාගම් සඳහා ලබා දෙන්නේ යැයි පැවසෙන සහනාධාර වහාම නවතා එවැනි සහනාධාරයක් තිරිඟු පිටි ආදේශනය සඳහා බේකරි කර්මාන්ත ශාලා සහ සෘජුවම සිල්ලර වෙළඳ පොලට ඒ සඳහාම පිළිගත හැකි ලෙස සහල් පිටි ලබා දෙන කර්මාන්තකරුවන් වෙත ලබා දීම.

4. පාන් පිටි හා පාන් පිටි ආශ‍්‍රිත නිෂ්පාදන ඪ්ඔ බද්දට යටත් කල යුතුය.

5. තිරිඟු පිටි හා තිරිඟු පාන් අත්‍යාවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් ඉවත් කිරීම.

6. දේශීය පලතුරු නිෂ්පාදන සහ වගාව දිරිමත් කිරීම සඳහා ආනයනික පලතුරු සඳහා ( උදා ඇපල් ගෙඩියක් රු. 125 ක් සහ නාරම් ගෙඩියක් රු. 100 ක් වන පරිදි * බදු පැනවීම සහ එකි සියළුම ආනයන නිරෝධායන නීති රීති වලට අනුකූල බවට තදින් තහවුරු කිරීම.

7. වාණිජ සියඹලා, ගොරකා වැනි භෝග වගාව සහ ස්වාභාවික නිෂ්පාදන රැුස් කිරීම දිරිමත් කිරීම සඳහා ඒවාට වසර 10 ක සැලසුම් සහිතව ආනයනික බදු පැනවීම. ( අඩුවශයෙන් කිලෝවකට රු. 500 ක බද්දක් පැනවීම *.

8. දේශීය ව්‍යාපාරිකයන් අනතුරට ලක් වීම වැලකීම සඳහා ඵදබදචදකසැි ්ජඑ හා එවැනි විකල්ප
නැවත හඳුන්වා දිය යුතුය.

9. කිරිපිටි සඳහා හඳුන්වා දී ඇති ප‍්‍රමිතිය තහවුරු කිරීම සඳහා ඇති පර්යේෂණ ක‍්‍රමවේදය සක‍්‍රීය කිරීම හා ගොඩබෑමට පෙර අදාල ප‍්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීම.

10. දේශීය රැුකියා අවශ්‍යතාවය සපුරා ලීමට හැකි වන පරිදි දේශීය නිෂ්පාදකයන්ට හා කර්මාන්ත කරුවන්ට සහන පොලියට හා සහන කාලයක් සහිතව දිගු කාලීන ණය ලබා දීම.

ස්තූතියි.
මෙයට දේශයට ලැදි,

ආරියසීල වික‍්‍රමනායක
සභාපති
මව්බිම ලංකා පදනම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


one + = 7