දේශීය සැබෑ කිරිපිටි අඩු මිලටත් කිරි මේදය නොවන ආදේශක යෙදු ආනයනික පිටි වර්ග වැඩි මිලටත් අලෙවි කිරීමට නීති සකසා දේශීය කර්මාන්තකරුවන්වන් අඩපණ කිරීම.

ඇතැම් ආනයනික කිරිපිටි සඳහා පාම් තෙල් ඇතුළු වෙනත් කිරි නොවන මේදය (non-milk fat) අඩංගු කර ඇති බව සහ ඒවායේ කෘත්‍රීම රසායනික පවා අඩංගු විය හැකි බව වසර ගණනාවක් තිස්සේ අනාවරණය වී ඇති බැවින් මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාව දේශීයව නිපදවන සැබෑ කිරිපිටි වල වටිනාකම හොඳින් වටහාගෙන ඇත.

ඉහත තත්ත්වය යටතේ දේශීයව නිපදවූ සැබෑ කිරිපිටි සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් රට තුළ ඇති වී තිබේග එසේ වුවද ජනතාවට එම උසස් තත්ත්වයේ සැබෑ කිරිපිටි අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගැනීමට වෙළඳපොලේ නොමැතග එයට හේතුව ඔබතුමා මවිතයට පත් කරනු ඇතැයි අප සිතමුග දියර කිරි සඳහා කිරි ගොවියාට ගෙවන මුදල රජය විසින් සෑම වසරකම පාහේ වැඩි කොට ඇත. එසේ වුවද පාරිභෝගික අධිකාරිය වසර ගණනාවක් තිස්සේ පාලන මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත. එය නම් වසර ගණනාවක් තිස්සේ පාරිභෝගික අධිකාරිය විසින් දේශීය සැබෑ කිරිපිටි සඳහා අඩු පාලන මිලකුත් ආනයනය කළ කිරිපිටි යැයි කියා අලෙවි කරන පිටි සඳහා වැඩි මිලකුත් වන ආකාරයට මිල පාලනයට යටත් කර තිබීමයි.

මෙම තත්ත්වය යටතේ දේශීය කිරිපිටි නිෂ්පාදකයින් තම සැබෑ කිරිපිටි නිෂ්පාදන අලෙවි කිරීම මගින් පාඩු ලබයිග එබැවින් දේශීය නිෂ්පාදකයන් කිරිපිටි නිෂ්පාදනය වැඩි නොකරන අතර රට තුළ දැනට ඇති කිරි නිෂ්පාදනය අවශ්‍ය ලෙස ඉහළ යෑමක් සිදු නොවේග මෙයට අමතරව ඉහත ලබාදී ඇති වාසිදායක මිලනිසා කිරිපිටි ආනයනිකයින් වසරකට රුපියල් බිලියන 10 ක පමණ අමතර දළ ලාභයක් ලබාගන්නා අතර එම මුදල් භාවිතා කරමින් අති විශාල ලෙස ආනයනික කිරිපිටි වර්ග සහ ඒවායින් නිපදවූ අනෙකුත් නිෂ්පාදන ප්‍රචාරණය කිරීම සිදුකරයිග සිදු කරයි. මෙම අතිරේක ලාභය නිසා සිල්ලර වෙළදුන්ටද ආනයනික කිරිපිටි විකිŒම සඳහා වැඩි ලාභ ලබා දීම නිසා ඒ අයද ආනය‚ක කිරිපිටි විකිŒමට උනන්දුවක් දක්වයි. එමගින් ද දේශීය කිරි කර්මාන්තකරුවන් සහ කිරි ගොවියන්ට බලවත් අසාධාරණයක් වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන රටවලින් එම අපනයන කරුවන් සඳහා විශාල වශයෙන් දිරිගැන්වීම් ලබාදෙන බව නොරහසකිග තත්ත්වය එසේ තිබියදී තම දේශීය කර්මාන්තකරුවන්ට හිස එසවීමට නොහැකි වන පරිදි මිල පාලනය මගින් තම රටේ දේශීය කර්මාන්තකරුවන් ආනයනික තරගකරුවන් ඉදිරියේ දණගස්වා ඇති ලොව එකම රට ශ්‍රී ලංකාව විය හැක.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන දේශීය සැබෑ කිරිපිටි සඳහා පනවා ඇති අසාධාරණ මිල පාලනය වහාම ඉවත් කිරීමට හෝ එසේ නැතිනම් පාලන මිල ආනයනික කිරිපිටි මිලටම සම කරන ලෙසට පාරිභෝගික අධිකාරිය වෙත උපදෙස් දෙන මෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මිට අමතරව වඩාත් පෝෂ්‍යදායක වනුයේ දියර කිරි වන බැවින්ල දියර කිරි ප්‍රචලිත කිරීමට රජය විශේෂ පියවර ගත යුතුව ඇතග එසේ කිරීමෙන් අඩු අදායම්ලාභී කිරි ගොවියන්ගේ අදායම ඉහළ යාම සහ කිරිපිටි ලෙස වෙනත් ආදේශක නිෂ්පාදන ආනයනය කිරීමෙන් වසරකට රටට අහිමි වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් :රුපියල් මිලියන 60,000ක්- පමණ විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


6 + four =