Author Archives: Rahmy Mohommed

Kevilton Electrical Product

Kevilton Electrical Products (Pvt) Ltd an innovative and rapidly expanding electrical company in Sri Lanka, is a member of the industrial hub of the Capital Maharaja Organisation Limited , one of the pioneering and multifaceted conglomerates in Sri Lanka, whose ventures span across manufacturing, marketing, exports, communications, media, information technology, food and packaging sectors.

SOLEX ENGINEERING (PVT.) LTD

SOLEX ENGINEERING (PVT.) LTD are an ISO 17025 certified company who are manufacturers and exporters of a complete range of

single and three phase centrifugal water pumps, agricultural pumps, submersible pumps, high pressure pumps, multiple stage vertical and horizontal centrifugal pumps, Industrial water pumps, engine driven pumps, diesel engine, bare shaft pumps, Booster Pumps, pumps for Clean water and Sewage applications and tailor made pumps for special applications.

ඩොලරයේ අගය වැඩි වීම නිසා අද වන විට අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් කෙටිකාලීනව එය මඟහැරෙන තුරු ක‍්‍රියාත්මක කල හැකි යෝජනා

1. දැනට වාහන අංගන වල අවුරුදු 02 කට වැඩි කාලයක් තිස්සේ විකිණිය හැකි වාහන විශාල ප‍්‍රමාණයක් ගාල් කොට ඇත. එම නිසා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලොරි, බස් රථ හා බර වාහන හැර අනිකුත් සියළුම වාහන මාස 06 ක කාල සීමාවකට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතු වේ.

විශේෂයෙන්ම මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම මාස 06 කට තහනම් කල යුතු වේ.

වාහන ගෙන්වීම අත්හිටුවන නිසා දැනට වාහන අංගන වල ඇති වාහන වල මිල අනිවාර්යයෙන්ම වැඩි වනවා ඇත. එලෙසම පාවිච්චි කරන ලද වාහන වල මිලද යම්තාක් දුරකට වැඩි වනවා ඇත. (ෘැප්බා සබජරු්ිැ දෙර එයැ ිැජදබා ය්බා ඩැයසජකැි * එලෙසම වාහන ආනයනය සීමා කිරීම සඳහා වාහන ලියාපදිංචි ගාස්තුව ධාරිතාවය අනුව වැඩි කල යුතු අතර අවම ලියාපදිංචි ගාස්තුව රු. 500,000.00 දක්වා වැඩි කල යුතුය. යතුරු පැදි සඳහා සාධාරණ මිලක් නියම කොට එම ප‍්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කල යුතුය.

මෙසේ වාහන ගෙන්වීම සීමා කිරීම නිසා වාහන අලූත්වැඩියා කිරීමේ ප‍්‍රවණතාවය වැඩි වීමෙන් කාර්මික අංශයේ රැුකියා අවස්ථා වැඩි වන බවද සඳහන් කල යුතු වේ.

2. විවිධ වර්ගයේ ජංගම දුරකථන විශාල ප‍්‍රමාණයක් ආනයනය කර ඇති බැවින් අතිරික්ත තොගයක් අද වෙළඳපලේ දක්නට ඇත. මේවා ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කල යුතු වේ. එම නිසා ජංගම දුරකථන ආනයනයද මාස 06 කට සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු වේ. පවතින තොග ඉදිරි මාස කිහිපය සඳහා ප‍්‍රමාණවත් බව අපගේ වැටහීමයි.

3. දියර කිරි හා කිරිපිටි නිෂ්පාදනය දේශීය වශයෙන් වැඩි වී ඇති බැවින් දැනට රට තුල අතිරික්තයක් පවතී. එම නිසා නොයෙක් අවස්ථා වලදී දියර කිරි දෝරෙ ගලා යෑමට සලස්වා ඇති බවට වාර්ථා නිතරම අසන්නට ලැබේ. එම නිසා කිරිපිටි ආනයනය වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගිය වර්ෂයට සාපේක්ෂව 50% කින් අඩු කල යුතුය.

දැනට දේශීය බටර් නිෂ්පාදනයේද අතිරික්තයක් ඇත. බටර් නිෂ්පාදනයේ යෙදී සිටින එක් දේශීය සමාගමක් අයත් වන්නේ රජයටය. එම නිසා බටර් ආනයනය කිරීම අනිවාර්යයෙන් සීමා කල යුතුය.

4. දැනට ගෙන්වා ඇති සහල් තොගය ඉදිරි කන්න දෙක සඳහා ප‍්‍රමානවත් බවට තොරතුරු ලැබී ඇත. වහාම ක‍්‍රියාත්මක වන පරිදි සහල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු අතර සහල් පරිභෝජනය වැඩි කිරීම සඳහා පාන්පිටි ආශ‍්‍රිත නිෂ්පාදන පරිභෝජනය අධෛර්යමත් කල යුතුය. ඒ සඳහා පාන්පිටි වල මිල ඉහල දැමිය යුතුය. එලෙසම හාල් පිටි වලින් පාන් නිෂ්පාදනය කිරීම දැනට ව්‍යාපාරිකයින් කීප දෙනෙකු විසින් ආරම්භ කර ඇති බැවින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා කෙටි කාලීනව (ීමඉිසාහ* ක‍්‍රමයක් හඳුන්වා දිය යුතු වේ. මෙවැනි ීමඉිසාහ ක‍්‍රමයක් ඡුරසප් සමාගමට අවුරුදු ගණනක් තිස්සේ ලබා දී ඇති බවද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම ක‍්‍රමය මගින් අති විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැක.

මෙම සහල් ආනයනය වහාම අත්හිටුවීම නොකලහොත් ඉදිරි කන්න වල අස්වැන්න ලැබීමත් සමග පරණ සහල් තොග නරක් වීම හේතුවෙන් කුණුකොල්ලයට සත්ව ආහාර නිෂ්පාදනය සඳහා විකිණීමට කටයුතු කරනු ඇත. එයින් තවත් ¥ෂණයක් සිදුවන බවද අවධාරණයෙන් දැනුම් දෙමු.

5. ගොරකා, සියඹලා ඇතුළු දේශීයව වගා කල හැකි කෘෂි නිෂ්පාදන විශාල ප‍්‍රමාණයෙන් ආනයනය කරනු ලැබේ. මෙවැනි නිෂ්පාදන ආනයනය කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවිය යුතුය. මෙම ගොරකා, සියඹලා සඳහා සාධාරණ මිලක් නොමැති වීම සහ එකතු කිරීමේ ක‍්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ගස් යට කුණු වී යයි. පාසල් ළමයින් හරහා එකතු කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් එම පවුල් වලටද අතිරේක ආදායම් මාර්ගයක් පෑදෙන අතර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්ද ඇති නොවන බව අපගේ හැඟීමයි.

6. එසේම වර්තමානයේ විශාල වශයෙන් ඇපල් මිදි වැනි පළතුරු ආනයනය කරනු ලැබේ. ඉදිරි මාස 06 ක කාල සීමාවේදී මෙවැනි පළතුරු ආනයනය කිරීමද සීමා කල යුතු වේ.

7. සරුංගල්, වෙසක් කූඩු වැනි භාණ්ඩ පසුගිය වසර 50 ක කාලය තුල ආනයනය කල භාණ්ඩ නොවන අතර අවාසනාවකට මෙන් විදේශ විනිමය විශාල ලෙස වැය කරමින් මෙවැනි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කෙරේ. මෙය සම්පූර්ණයෙන්ම අත්හිටුවිය නොහැකි නම් අවම වශයෙන් මාස 06 කට වත් තහනම් කල යුතුය.

8. විශාල ප‍්‍රමාණයේ සෙල්ලම් බඩු කඩ (ණසාි ‘දබැ* දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ස්ථානගත කොට ඇත. මේවා අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන බව පැහැදිලිව දන්නා කරුණකි. මේ නිසා දේශීය සෙල්ලම් බඩු කර්මාන්තය කිසිම දිනක දියුණු නොවන බව සඳහන් කල යුතුය. සෙල්ලම් බඩු ආනයනය මාස 06 කට තහනම් කර දේශීයව සෙල්ලම් බඩු කර්මාන්තය නඟා සිටුවීම සඳහා දැනට ක‍්‍රියාත්මක වන ගම්පෙරළිය ක‍්‍රමය යටතේ ආධාර උපකාර කලයුතු වේ.

9. අලූතින් පනවා නීති අනුව සමහරක් භාණ්ඩ ආනයනයේදී 100%, 200% ණයවර ලිපි (ඛක්‍ ඵ්රටසබි* තැන්පත් කල යුතු බවට රජය විසින් යෝජනා කොට ඇත. කණගාටුවට කරුණ නම් වර්තමානයේදී භාණ්ඩ ආනයනය කරනු ලබන්නේ ණයවර ලිපි විවෘත කිරීමෙන් (ඛක්‍ ධචැබසබට* නොව ෘඡු සහ ෘ් ක‍්‍රමය යටතේය. මෙම ක‍්‍රමවේදය ගැන සියළුම බැංකු වලට හොඳ අවබෝධයක් ඇත. එම නිසා යෝජිත ණයවර ලිපි විවෘත කිරීමේ ක‍්‍රමවේදයේ කිසිම ඵල ප‍්‍රයෝජනයක් නොමැති බව දන්වා සිටීමට කැමැත්තෙමු.

ආණ්ඩුවට බැරිනම් අපිට කියන්න අපි කරන හැටි කියලා දෙන්නමි – මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක

දේශීය ආර්ථිකය රැකගැනීමට ආණ්ඩුවට නොහැකිනම් රටට ආදරය කරන දේශිය කර්මාන්ත කරුවන්ට ආර්ථිකය ගොඩනැගීමේ මග පෙන්වීමට අවස්ථාව ලබා දෙන්නැයි මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි.

පසුගිය (25) වනදා බණ්ඩාරනායක සම්ම‍න්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

”අපි ආණ්ඩුවට හැමදාම කියනවා හැමදේම පිටරටින් එනකල් කට ඇරගෙන බලා ඉදල හරියන්නෙ නැහැ. රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න ඕන කියලා. ඒත් ඇහුවෙ නැහැ. දැන් රුපියල කඩා වැටෙනකොට මොළේ පෑදිලා. දැන් කියනවා ආනයන සීමා කරන්න ඕනේ කියලා.

රටට ඕන කිරි ටික, සීනි ටික, හාල් ටික අපට හදාගන්න පුළුවන්. ඒව කරන හැටි කියලා දෙන්න විතරක් නෙවෙයි කරලා පෙන්නන්නත් අපට පුළුවන්.”

ඒ ආරියශීල වික්‍රමනායක මහතාගේ මතයයි. ඔහු එහෙම කියන්නේ පසුගිය 25 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ”ඔහුගේ කතාව සහ රටේ කතාව” සමාජගත කරන අවස්ථාවේදීයි. ධ්‍යවේදී ඉසුරු ප්‍රසංග විසින් රචිත ”කෙම් බිමට ගමනක්” ආරියශීල වික්ක‍රමනායක මහතාගේ ජීවිත කතාව සහ ඔහු රට වෙනුවෙන් කළ කී දෑ ඇතුලත් සුවිශේෂී ග්‍රන්ථය එළිදැක් වුණි.

“කෙම් බිමට ගමනක්” ආරියශීල වික්ක‍රමනායක මහතාගේ ජීවිත කතාව

මේ රට වෙනස් කළ හැකි බව කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු ගැන ඔබ නොදත් කතාව දැනගන්න… සැප්තැම්බර් 25 අඟහරුවාදා සවස 3ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න.

ඩෙනිම් කලිසම් සඳහා සායම් (ඩයි කිරීම) මෙරටදී සිදු කිරීම

ඇමෙරිකානුවන් ඩෙනිම් ජින්ස් වලට ඉතා කැමතිය. සාමාන්‍ය පාරිභෝගිකයෙක් වසරකට ඩෙනිම් කලිසම් 4ක් වත් අඩුම වශයෙන් මිලදී ගනු ලබයි. චීනයේ ෂිං ටෑං ප‍්‍රාන්තයේ ඩෙනිම් කේන්ද‍්‍රස්ථානයක් වන එහි වාර්ෂිකව කලිසම් මිලියන 300ක් නිෂ්පාදනය කරනු ලබයි. එක් ඩෙනිම් කලිසමක් සායම් කිරීමට විෂ සහිත රසායනික ද‍්‍රව්‍යයන් හා ජල ගැළුම් විශාල ප‍්‍රමාණයක් යොදා ගැනේ.

ගවේෂණාත්මක වාර්තා වලට අනුව ප‍්‍රධාන විලාසිතා සන්නාමයන් සෑම වසරකම නැවුම් ජල ගැලූම් ට‍්‍රිලියන 28ක් යොදා ගන්නා බව සනාත වේ. බොහෝ රට වල පරිසරයට හා ජල මූලාශ‍්‍ර පද්ධති වලට ඉතා අහිතකර බැවින් මෙම කර්මාන්තය තම රටවල කරගෙන යාමට දැඩි විරෝධතා පවතී.

එම නිසා මෙම පරිසර අහිතකාමී කර්මාන්ත රට තුලට ඒමේ ඉඩකඩ වැඩි අතර දැනටමත් එම කර්මාන්ත ශ‍්‍රී ලංකාව තුල ඉදි කර ඇත. චීනය ඉන්දියාව බංග්ලාදේශ වැනි රටවල ගංගා අතර පරිසර පද්ධතියට හා ප‍්‍රජාවට ඇති වී ඇති පරිසර හානිය ඉතා විශාල වේ. ආසියා මහාද්වීපයේ රෙදිපිළි කර්මාන්තයෙන් නිපදවන අප ජලය ගැළුම් මිලියන 2.5 ක් මගින් ආසියාවේ ගංගා හා විල් වලින් 70% ක් ¥ෂිත වී ඇති බවට ගණන් බලා ඇත. එම රටවල වාර්ෂික නිෂ්පාදනය ක‍්‍රමානුකූලව අඩු කිරීමේ තත්වයක් තුල ඒ සා විශාල ප‍්‍රමාණයක මෙම පරිසරයට අහිතකර කර්මාන්ත තව දුරටත් ශ‍්‍රී ලංකාව තුලට එවීමේ ඉඩකඩ ඉතා වැඩිය.

ඩෙනිම් කලිසම් පිටරටින් ආනයනය කර මෙරටදී සායම් කිරීමට (ඩයි කිරීම * වඩා එය ආනයනය කිරීමට පෙර එම රටදීම ඩයි කර මෙරටට ආනයනය කිරීම කාලෝචිත බව අපගේ හැඟීමයි. එමගින් අපගේ ජල පෝෂිතයට පරිසර පද්ධතියට හා ප‍්‍රජාවට ඇති වන අහිතකර බලපෑම් අවම කර ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි. එම නිසා මේ පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සළස්වන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

ආනයනික පලතුරු සඳහා බදු වැඩි කිරීම

ආනයනික පලතුරු සඳහා බදු වැඩි කිරීමට ඔබ තුමා ගත් තීරණය පිළිබඳව දේශීය ව්‍යාපාරිකයින් ලෙස අප ඔබ තුමන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙමු.
මෙම තීරණය ඉතාමත් කාලෝචිත වන්නේ ලංකාවේ විදේශ විනිමයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම විදේශ පලතුරු ආනයනය කිරීම සඳහා වැය කරන නිසාවෙනි. මෙම පලතුරු බොහෝ කාලයක් එම රට වල ශීතකරණ වල තබා නොයෙකුත් රසායනික ද‍්‍රව්‍ය එන්නත් කර ගෙන්වා තවත් මාස හයක පමණ කාලයක් ගබඩා කර වෙළඳපලට නිකුත් කරනු ලබන මෙම පළතුරු කිසිසේත් සෞඛ්‍යාරක්ෂිත නොවේ. එම නිසා මෙසේ සෞඛ්‍යාරක්ශිත නොවන පලතුරු වෙනුවෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කිරීම ජාතික අපරාධයකි. එසේම මෙසේ අධික බදු ගෙවා ගෙන්වන පලතුරු වල සෞඛ්‍යාරක්ෂිත බව සෙවීමට තත්ව පරීක්ෂණ සිදු කල යුතුය. ඒ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර සෞඛ්‍යාරක්ෂිත පළතුරු පමණක් ගෙන්වීමට අවසර ලබා දිය යුතු අතර මේ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කරන ලෙස අප යෝජනා කරන්නෙමු.

ආනයනික පලතුරු සේම විදේශ විනිමය විශාල ලෙස වැය කරමින් අප රටට අනවශ්‍ය භාණ්ඩ රාශියක් අප ගෙන්වනු ලබන අතර ඒ පිලිබඳව ඔබ තුමාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. එනම් අප රටට කිසිසේත්ම අනවශ්‍ය සරුංගල්, වෙසක් කූඩු, හඳුන්කූරු විශාල ලෙස විදේශ විනිමය වැය කරමින් පිටරටින් ගෙන්වනු ලැබේ. මේවා අද වන විට ගම් මට්ටමින් ඉතා කුඩාවට කරගෙන යනු ලබන ග‍්‍රාමීය කර්මාන්ත වේ. මෙම කර්මාන්ත හඳුනාගෙන වත්මන් රජය යටතේ ක‍්‍රියාත්මක වන ග‍්‍රාම ශක්ති වැඩසටහන යටතේ අඩු පොලී ණය පහසුකම් ලබා දී සාර්ථක ලෙස සංවර්ධනය කල හැකිය. එසේ සංවර්ධනය කිරීමෙන් ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහල යනවා සේම නිකරුනේ අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැය කරන විදේශ විනිමය ලංකාව තුල රඳවා ගත හැකි වනු ඇත.

එම නිසා මෙවැනි භාණ්ඩ වල තීරු බදු වැඩි කිරීම හා තත්ව පාලන ක‍්‍රම මගින් මෙම භාණ්ඩ ආනයනය සීමා කල හැකි වන අතර ඔබ තුමාගේ අවධානය මේ පිළිබඳවද යොමු කරන ලෙස මෙයින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.