Sri Lankan Product for CMA

මහල් නිවාස වාසීන්ට සහන මිලට දේශීය නිෂ්පාදන

අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව සියළු මහල් නිවාස වාසීන්ටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවකයින්ටත් සහන මිලට දේශීයව නිෂ්පාදනය කරන ලද

අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට හැකිවන  සුභසාධක වෙළඳ සලක් සහධිපත්‍ය කළමනාකරණ අධිකාරී භූමියේ දී ආරම්භ කෙරිණි.

මවිබිම ලංකා පදනම හා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සුභ සාධක සංගමය එක්ව ක‍්‍රියාත්මක කරනු ලබන මෙම අළෙවි සල ඩි.එස්.අයි.සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ හා පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආරියශීල වික‍්‍රමනායක මහත්වරුන් අතින් පළමු භාණ්ඩ මිලදී ගැනීම සනිටුහන් කරමින් ආරම්භ කළ අතර එම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධීකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත බණ්ඩාර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි ඇතුළු ආයතනවල නිළධාරීන් හා සේවකයින් ද දේශීය නිෂ්පාදකයින් හා මහල් නිවාස නියෝජනය කරමින් මහල් නිවාස වාසීන් ද විශාල පිරිසක් සහභාගී වුහ.  සෘජුවම නිෂ්පාදකයින්ගෙන් භාණ්ඩ ලබාගන්නා මෙම සුභසාධක වෙළඳසල, නිෂ්පාදන මිලට ඉතා ආසන්න මිලකට ආයතන දෙකෙහි සේවකයින්ටත්, මහල් නිවාස වාසීන්ටත් භාණ්ඩ නිකුත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


nine + 5 =