How to Apply for Ganna Ape De LOGO

දෙන්න අපේ දේ

ඔබත් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක හෝ සේවාවක හිමිකරුවෙකු නම් අපි ප්‍රථමයෙන් ඔබේ මහඟු සේවය අගය කරමින් ඔබට සුභ පතමු.රටට ආදරය කරන ජනතාව අතර ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලබන අප, මව්බිම ලංකා ආයතනයයි. අප ලාභ නොලබන ආයතනයකි.

පාරිභෝගිකයාට දේශීය දේ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා අප ආයතනය මගින් දේශීය වෙළඳ නාම සඳහා පිරිනමන ගන්න අපේ දේ ලකුණ හෙවත් දේශීයත්වයේ ලාංඡනය ඔබටත් ලබාගත හැකියි.

අපේ ඉහළම  ප්‍රචාරණය

මෙම ලාංඡනය දේශීය නිෂ්පාදන හා සේවාවන් සඳහා වැඩි වටිනාකමක් සහ කල එළියක් ලැබෙන අතර ඒ සඳහා දීප ව්‍යාප්ත ප්‍රචාරණ මාලාවක් සකස් කීරීමට ද අප මේවන විට වහ වහා කටයුතු සුදානම් කරමින් සිටිමු. එම ප්‍රචාරණ කටයුතු මගින් ඈත ගමේ සිට මෑත නගරය දක්වා ම ජීවත් වන ජනතාවට දේශීය දේ පිළිබඳව ගෞරවනීය හැගීමක් ඇති කරවනු ලැබේ. ඒ මගින් දේශීයත්වයේ ලාංඡනය  ලබන දේශීය නිෂ්පාදන වලට වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක්  හිමිවේ.

එම ලාංඡනය ඔබගේ නිෂ්පාදනයට හෝ සේවාවට පිරිනැමීම සිදුකරනු ලබන්නේ ඔබගේ අයදුම් කිරීමෙන් පසුව අප ආයතනය මගින් කරනු ලබන මූලික පරීක්ෂණයකින් පසුවය. ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් අදාළ නිර්ණායකයන්ට අනුකූලදැයි විශේෂ කමිටුවක් මගින් ඇගයීමකට ලක් කෙරේ.

රාජ්‍ය ආයතන සමඟ සහයෝගීතාව

ගන්න අපේ දේ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සහ උපාය මාර්ගික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සහයෝගයෙනි.

අපේ දේ ඔබේ කරගන්න

ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව මෙම ලාංඡනය  සඳහා සුදුසු නම් එම ලාංඡනය  භාණ්ඩ හෝ සේවාවන් සඳහා අයදුම් කල හැකි අතර එමගින් අපේ දේ පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගත හැක.

අපේ දේ නිසා ඔබට ලැබෙන තවත් දේ

  • වාර්ෂිකව පැවැත්වෙන අපේ දේ සම්මාන උළෙල
  • කර්මාන්ත හා අලෙවිකරණය පිළිබඳව විශේෂඥයින්  ගේ  උපදෙස්
  • තාක්ෂණික සහය
  • තරඟකාරී වෙළෙඳපොල තොරතුරු
  • කම්කරු ගැටළු විසදීම සඳහා මැදිහත් වීම
  • දේශීය කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටීම

අපේ දේ ලාංඡනය ලබාගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද..?

www.gannaapede.com වෙබ් අඩවියට පිවිස එහි ඇති අයදුම්පත පුරවා පහත ලිපිනයට හෝ info@gannaapede.com  විද්‍යුත් ලිපිනයට ඒවා ඔබගේ උනන්දුව ප්‍රකාශ කරන්න.

තෝරා ගැනීම

ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් අදාළ නිර්ණායකයන්ට අනුකූල දැයි පරීක්‍ෂා කීරීම සඳහා පළපුරුදු කණ්ඩායමකට යොමු කෙරේ. ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් සඳහා ගන්න අපේ දේ  ලාංඡනය සඳහා අනුමැතිය ලැබෙන්නේ එම අගයීමෙන් පසුවය. පළපුරුදු කණ්ඩායම සැදුම් ලබන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ පලදායීතාව පිළිබඳ  විශේෂඥයෙකු, පළපුරුදු විදේශීය විශේෂඥයෙකු සහ අදාළ විෂය පිලිබඳ පළපුරුදු මහාචාර්යවරයකු ඇතුළු විශේෂඥයින් පිරිසක් විසිනි.

 If you are interested in getting more details of the accreditation standards and the processes involved, please  Download Accreditation Standards (PDF Format, 69KB)

 To get your products accredited with Mawbima Lanka Padanama, please express your interest using Preliminary Application for Accreditation (PDF Format, 712KB)

 Download the Fee Structure and other Relevant Details on Mawbima Lanka Padanama Accreditation Certification Fee or License Fee to allow the trademark to be used in advertising